විසිඑක්වසකින් එක්වු මධුරි - සංජේ



කරන් ජෝහාර් නිෂ්පාදනය කළ " කලන්ක් " චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා උත්සවශ්‍රීයෙන් එලි දුටුවා.

ඒ අවස්ථාව  වෙනුවෙන් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ  ආලියා ,වරුන්, සොනාක්ශි , ආදිත්‍ය රෝයි මෙන්ම සන්ජේ දත් සහ මධුරි ඩික්සිත්  එක් වී සිටියා.

චිත්‍රපටයේ ප්‍රචාරක පටය මාධ්‍ය වේදීන් හමුවේ දිගහැරීමෙන් අනතුරුව පැවති විශේෂ මාධ්‍ය හමුවට මේ සියළු තරු කරන් ජොහාර් සමග සහභාගී වුනා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ආලියා සහ වරුන් ඉදිරිපත් කළත් මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්ණ වල ඉලක්කය වී තිබුනේ නම් සංජේ සහ මාධුරී වීම විශේෂත්වයක්.

90 දශකයේ මුල භාගයේ අතිශය ජනප්‍රිය යුවලක් වූ සංජේ සහ මධුරි ගේ ආදර අන්දරයට තිත තැබුනේ 1993 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බව කියමින් සංජේ අතඩංගුවට ගැනීමත් සමගයි. මීට වසර 21 කට පෙර ඔවුන් අවසන් වරට රගපෑ තානීඩාර් චිත්‍රපටයෙන් අනතුරුව ඔවුන් කිසි දිනෙක රගපෑම තබා මුහුණට මුහුණ මුණගැසීවත් තිබුනේ නෑ. එම නිසාම කලංක් චිත්‍රපටයේ ඔවුන්ගේ එක්වීම මාධ්‍යට මෙන්ම රසික රසිකාවියන්ටත් අරුමයක් වුනා.

කෙසේ නමුත් කිසිදු පැකිලීකම්කින් තොරව දෙදෙනාම මාධ්‍ය වේදීන් අපූරුවට හැසිරවූ නමුත් ඔවුන්ගේ මුහුණු දෙස පැහැදිලිව බැලූ ඕනෑම කෙනෙක්ට ඔවුන් දෙදෙනා පත්වී සිටි අපහසුතාවය නම් සගවන්නට හැකි වුනේ නෑ.

( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි

RECOMMEND POSTS