විවාහයට පෙර ලොකු ගැටලුවක්



ඉදිරියේදී තිරගත වීමට නියමිත ශුබ් මංගාල් සාව්ද්හාන් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු පසුගියදා  ආරම්භ විය.‍

යෝජිත විවාහයකට සූදානම් වන නව යුවළක්, විවාහයට පෙර මුහුණ දෙන ගැටලුවක් චිත්‍රපටයේ කතාව වෙයි.

චිත්‍රපටය ජනප්‍රිය කිරීමේ අරමුණින් මුම්බායි නුවර විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීමට අධ්‍යක්ෂ ආර්.එස්. ප්‍රසන්න කටයුතු යොදා තිබුණි.

චිත්‍රපටවය් ප්‍රධාන නිළි භූමි පෙඩ්නෙකාර් සහ නළු ආයුෂ්මාන් කුරානා ඊට සහභාගී වූහ.

ශුබ් මංගාල් සාව්ද්හාන් යනු අතිශය ජනප්‍රිය කල්යාන් සමයාල් සදාම් දමිල චිත්‍රපටයේ බොලිවුඩ් නිර්මාණය යැයි පැවැසෙයි.

ශුබ් මංගාල් සාව්ද්හාන් තිරගත වනු ඇත්තේ ලබන සැප්තැම්බර් පළමු වැනිදාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS