විද්‍යා බාලන් ‘බෙගම් ජාන්’ වෙයි



ජනප්‍රිය බොලිවුඩ් නිළි විද්‍යා බාලන් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය බෙගම් ජාන්හි පළමු පෝස්ටරය නිකුත් වී තිබේ.

ශ්‍රිජිත් මුකර්ජි විසින් අධ්‍යක්ෂණය කරන ලද බෙගම් ජාන් චිත්‍රපටය මහේෂ් සහ මුකේෂ් භාත්ගේ නිෂ්පාදනයකි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන බාලන් ගණිකා නිවාසයක හිමිකාරියකගේ චරිතයට පණ පොවන්නී ය.

විද්‍යා බාලන්ට අමතරව නසීරුදීන් ෂාහ්, ගෞහාර් ඛාන්, විවේක් මුෂ්රන්, චන්කි පාන්ඩේ, රජිත් කපූර්, ප්‍රියංකා සෙෂියා, රාජේෂ් ෂර්මා ඇතුළු නළු නිළියන් රෑසක් මෙම චිත්‍රපයට සඳහා රංගනයෙන් දායක වී තිබේ.

අධ්‍යක්ෂවරයා ඉන්දීය මාධ්‍යයට පවසා ඇත්තේ, බෙගම් ජාන්හි ප්‍රධාන චරිතය සඳහා තමාගේ පළමු තේරීම ඇය වූ බවත් අනෙක් කිසිදු නිළියකට ඇය තරම් මෙම චරිතයට සාධාරණයක් ඉෂ්ට කළ හැකි බවට තමා විශ්වාස නොකිරීම හේතුවෙන් ඇය ඒ සඳහා තෝරා ගත් බව ත් ය.

බිහාර් ප්‍රන්තයේ ප්‍රදේශ කිහිපයකදී සහ දිල්ලියේ ස්ථාන කිහිපයකදී චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කර ඇත.

චිත්‍රපටය අප්‍රේල් 14 වන දා තිරගත වනු ඇති.

මෙම චිත්‍රපටය 1947 වසර එනම් ඉන්දියාවට නිදහස හිමි වූ වකවානුවේ ජන ජීවිතය පිළිබඳව නිරූපණය වන සිනමා නිර්මාණයකි.

 

 


RECOMMEND POSTS