වැසිකිළි අර්බුදය ගැන මාධ්‍ය හමුවක්



සුපිරි නළු ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරන ටොයිලට් ඒක් ප්‍රේම් කතා නවතම බොලිවුඩ් සිනමා පටය අද (11) සිට තිරගත වෙයි.

චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර, මුම්බායි නුවර ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්විණි. ආක්ෂේ කුමාර්, ප්‍රධාන නිළි භූමි පෙඩ්නෙකාර් ඇතුළු නළු නිළියෝ ඊට සහභාගී වූහ.

ඉන්දීය වැසියන් වැසිකිළි භාවිතා කිරීම සම්බන්ධයෙන් පවතින අර්බුදය මෙම චිත්‍රපටය හරහා කතාබහ කෙරේ. ඉන්දියානුවෝ බොහෝ දෙනෙක් තවමත් වැසිකිළි පාවිච්චි නොකරති.

ටොයිලට් ඒක් ප්‍රේම් කතා චිත්‍රපටයේ කතාවට පාදක වී ඇත්තේ පිටිසර ගම්මානයක තරුණයකු සිය ගම්මානයට වැසිකිළි ඉදිකර දීමේ අභියෝගය ජය ගන්නා තරුණයකු වටාය.

සමාජීය ගැටළුවක් සාකච්ඡා කෙරෙන නිසා ටොයිලට් ඒක් ප්‍රේම් කතා චිත්‍රපටයට ඉන්දීය අගමැති මෝදිගේ ද පැසැසුම් හිමිවී ඇතැයි වාර්තා වේ.

මුම්බායි නුවර පැවැති මෙම මාධ්‍ය හමුවට ඉන්දියාවේ අපද්‍රව්‍ය කළමනාකරණයේ නියමුවන් ලෙස සැලකෙන බ්‍රිහාන් මුම්බායි නගරසභා බලධාරීහු ද එක් වූහ. වැසිකිළි පාවිච්චිය සම්බන්ධයෙන් ඉන්දියානුවන් දැනුවත් කිරීමක් පවා සිදුවිය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS