වැල්ලේ රජ්ජුරුවෝ !



 
වෙරළේ වැලි මාළිගා හදන්නේ එහි සෙල්ලම් කිරීමට යන - එන ළමුන් විසිනි. නමුත්  එවැනි වැලි මාළිගා තනන්නෙක් පමණක් නොව ඒවායේ ජීවත්වෙන අපූරු මිනිසෙක් පිළිබඳව බ්‍රසීලයේ රියෝ ඩි ජනෙයිරෝ අගනුවරින් වාර්තා වෙයි.

ඔහු නමින් 'මාර්සියෝ' වේ.මාර්සියෝ පුරා අවුරුදු 22 ක්ම තමන්ම නිර්මාණය කරගත් වැලිමාළිගාවන්හි ජීවත් වෙයි.එක් වැලි මාළිගාවක් කඩාගෙන වැටුනොත් මාර්සියෝ තවත් වැලි මාළිගාවක් තනාගනී.

"මගේ මාළිගාවක් කඩාගෙන වැටුනොත් මම තවත් තැනකට යනවා. ගිහින් එතැන තවත් මාළිගාවක් හදා ගන්නවා" වැලි මාළිගාවේ රජතුමා පවසයි.

"මම මේ තාවකාලික ජීවන රටාවට හරිම කැමතියි. මොකද සමහරුන්ට ඔවුන්ගේ නිවාස වගේ මෙය මගේ ජීවිතයට බරක් නොවෙන නිසා" සැහැල්ලු ජීවිතයක් අගය කරන මාර්සියෝ "මහා රාජෝත්තමයන් වහන්සේ" වැඩිදුරටත් සඳහන් කරයි.

මාර්සියෝ ගේ මාළිගාව පිහිටා තිබෙන්නේ රියෝ ඩි ජනෙයිරෝ අගනුවර පොහොසතුන් ජීවත් වෙන කළාපයකයි
එය මාළිගාවක් නොවුනත් ඔහුට අවශ්‍ය සියලු දේවල් එහි දක්නට ලැබේ

"වැඩිපුර වහිනවාට ඒ වගේම ස්වභාව ධර්මය විසින් සිදු කරනු ලබන බලපෑම්වලට මම කැමති නැහැ" මාර්සියෝ පවසයි.

"මහල් නිවසක් තියෙන කෙනෙක් බොහොම සතුටින් ඉන්න බවක් පිටින් පේනවා. නමුත් එතැනත් හිදැසක් තියෙන බව මම හිතනවා" වැලිමාළිගා නිවැසියා පෙන්වා දෙයි.

තමා මේ ජීවන රටාව තෝරා ගත්තේ වෙරළේ මූර්ති ශිල්පියකු වීම නිසා බවත් ඔහු කියා සිටියි.

ඔහු තම ගොඩනැගිලි ඉදිකිරීම් කලාව ඔස්කා නීමයාර් සහ ගව්ඩිගේ ඉදිකිරීම් සමඟ සංසන්දනය කරයි.

"ඡායාරූපයක් ගෙන ආධාරයක් කරන්න" ඔහු තමා හමුවට එන පුද්ගලයන්ගෙන් ඉල්ලීමක් ද කරයි.

මාර්සියෝ තමාට ලැබෙන ආධාර වලින් මුදල් උපයන අතරම පොත්පත් හුවමාරුවක් ද පවත්වා ගෙන යයි.

( තිළිණි ද සිල්වා )

ඩේලි⁣මේල් ඇසුරෙනි.


RECOMMEND POSTS