වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය



වෝල්ට් ඩිස්නි සහ මාවල් ස්ටුඩියෝස් නිර්මාණයක් වන ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට මාලාවේ අවසාන කොටස ‘ඇවෙන්ජර්ස්: ද එන්ඞ්ගේම්’ මේ වනවිට ලොව වැඩිම ආදායම් වාර්තා පිහිටුවූ චිත්‍රපටය බවට පත් වී ඇත.

‘ඇවෙන්ජර්ස්: ද එන්ඞ්ගේම්’ චිත්‍රපටය ලොව පුරා තිරගත වීමෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 2,790 මුදලක් එක් රැස් කළේය.

ඒ අනුව ලොව වැඩිම දෙනෙක් නැරැඹූ ආදායම් වාර්තා පිහිටුවූ අධ්‍යක්ෂ ජේම්ස් කැමැරන්ගේ ‘අවතාර්’ චිත්‍රපටය දෙවැනි ස්ථානයට පත් වෙයි. ‘අවතාර්’ චිත්‍රපටය ඇමෙරිකන් ඩොලර් බිලියන 2,789 ක් ඉපයීය. ‘අවතාර්’ චිත්‍රපටය ‘ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස්’ සමාගමේ නිෂ්පාදනයකි. මේ වනවිට ෆොක්ස් සමාගම ද ඩිස්නි සමාගමේ අනුබද්ධ සමාගමක් බවට පත් වී අවසන්ය.

පසුගිය ජූලි මාසයේ දී ‘ඇවෙන්ජර්ස්: ද එන්ඞ්ගේම්’ චිත්‍රපටය යළි තිරගත වීමක් සිදුවිය. ඒ, පළමු ප්‍රදර්ශනයේදී ඇතුළත් නොවුණු මිනිත්තු කීපයක තවත් දසුන් පෙළක් ද ඇතුළත් කරමිනි. ඒ අනුව, වරක් චිත්‍රපටය නැරැඹූ ඇවෙන්ජර්ස් රසික රසිකාවියන් යළිත් සිනමාහල්වලට ඇදෙන්න විය. ‘ඇවෙන්ජර්ස්: ද එන්ඞ්ගේම්’ වාර්තාව පිහිටුවූයේ ඒ අනුවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS