වාර්තා පිට වාර්තා



මාවල් චිත්‍රකතා සුපිරි වීරයන්ගේ එකමුතුව ලෙස සැළකෙන ‘ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිට් වෝර්’ චිත්‍රපටය පසුගිය 27 වැනිදා සිට ලොව පුරා තිරගතවීම් ආරම්භ කළ අතර, අද (30) වනවිට එය  ඇමෙරිකන් ඩොලර් මිලියන 630 ක මුදලක් උපයමින් ලෝක වාර්තාවක් ද පිහිටුවීය.

මීට පෙර වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය ලෙස සැළකුනේ 2017 වසරේ තිරගත වුණ් ‘ෆේට් ඔෆ් ද ෆියුරියස්’ චිත්‍රපටයයි. පළමු සති අන්තයේ එය ඉපැයූ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 542 කි.

ඇමෙරිකාවේ පමණක් ‘ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිට් වෝර්’ චිත්‍රපටය පළමු දිනයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 250 සීමාව පසු කර ඇති බව වාර්තා වේ.

පසුගිය 27 වැනිදා තිරගත වූයේ ‘ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිට් වෝර්’ චිත්‍රපටයේ පළමු කොටසය. එහි දෙවැන්න ලබන වසරේ මැයි මාසයේදී තිරගත වෙයි.

‘ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිට් වෝර්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් වන්නේ ජෝ සහ ඇන්තනි රූසෝ සොයුරන්ය. මොවුන්ට ‘ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිට් වෝර්’ චිත්‍රපටය නිර්මාණය සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් බව ද පැවැසෙයි.

(බී.බී.සී)


RECOMMEND POSTS