වාර්ගික ප්‍රචණ්ඩත්වයට එරෙහි ලංකාවේ කෙල්ල



ජෝජ් ෆ්ලොයිඞ් කළු ජාතිකයා පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධයට ලාංකික තරුණියකගේ සහාය හිමි වී ඇත.

ඇය මිහිරි වීරසිංහ ය.

ඇමෙරිකන් අප්‍රිකන් ඇමෙරිකානුවන් වෙනුවෙන් මෙන්ම ඇමෙරිකාවේ වෙසෙන සුළු ජාතිකයන් වෙනුවෙන් ද ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ද ඇමෙරිකාවේ ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරමින් ඇය මෙසේ විරෝධතාවයේ නියැලුණාය.

‘ඇමෙරිකානු කළු ජාතිකයන් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් දීර්ග කාලයක් තිස්සේ සටන් කරනවා. එම සටනේ ප්‍රතිඵලයක් ලෙස අප වැනි සුළු ජාතිකයන්ට වාසි රැසක් හිමිවී තිබෙනවා. අප අපේ ඒ කළු ජාතික සොයුරු සොහොයුරියන් වෙනුවෙන් කෘතවේදය පළ කළ යුතුයි. මා මෙසේ විරෝධය දක්වන්නේ වාර්ගික ප්‍රචණ්ඩත්වයට එරෙහිවයි.’

මිහිරි වීරසිංහ ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබේ.

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩන්තේට්ටම් හමුවේ, ජෝජ් ෆ්ලොයිඞ් මියගියේ පසුගිය 25 වැනිදාය.

ඇමෙරිකාව පුරා විරෝධතා පැවැත්වෙන්නේ ඔහුගේ මරණය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලමින් සහ කළු ජාතිකයන්ගේ ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙනි. විරෝධතා සඳහා ඇමෙරිකාවේ කළු ජාතිකයන් පමණක් නොව, සුදු ජාතිකයන් ද ආසියානු ඇමෙරිකානුවෝ ද එක් වී සිටිති.

(ෆේස්බුක් ඇසුරිනි)


RECOMMEND POSTS