ලෝක රූ රැජින කිරුළ ජැමෙයිකා සුරූපිනියට



2019 ලෝක රූ රැජින ලෙස ජැමෙයිකාව නියෝජනය කළ 23 හැවිරිදි ටෝනී ඈන් සිං කිරුළු පැලඳියාය.

ටෝනී ඈන් සින් ගායිකාවක සහ නිරූපණ ශිල්පිනියක ද වන්නීය. ජැමෙයිකාවේ මොරැන්ටා බේ හි උපත ලැබූ සිං, අවුරුදු 9 ක් වෙද්දී, පවුලේ අය සමඟ ඇමෙරිකාවට සංක්‍රමණය වූවාය. ඇය ෆ්ලොරීඩාවේ තලහාසී විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය.

යළි ජැමෙයිකාවේ පදිංචියට ගිය සිං, ජැමෙයිකා රූ රැජින ලෙස කිරුළු පැලඳීමෙන් පසු ලෝක රූ රැජින තරගාවලියට සුදුසුකම් ලැබුවාය.

ලෝක රූ රැජින තේරීමේ තරගය නැගෙනහිර ලන්ඩන් නුවර එක්සෙල් රඟහලේ දී පැවැත්විණි. ජැමෙයිකාව මීට පෙර අවස්ථා තුනකදී ලෝක රූ රැජින දිනාගෙන ඇත. ඒ, 1963, 1976 සහ 1993 යන වසරවලදීය.

ලෝක රූ රැජින තරගාවලිය මෙවර පැවැත්වූයේ 69 වැනි වරටය. මෙවර දෙවැනි ස්ථානය හිමිවූයේ ප්‍රංශ සුරූපිනිය ඔපෙලී මෙසීනෝටය. තෙවැනි ස්ථානයට පත් වූයේ ඉන්දියාවේ සුමාන් රාඕ ය. රටවල් 120 ක් නියෝජනය කරමින් සුරූපිනියෝ තරගයට ඉදිරිපත් වූහ.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS