ලොව ළාබාලතම බිලියනපති කයිලී ජෙනර්



ලොව ළාබාලතම බිලියනපතිය, 21 ක් හැවිරිදි ඇමෙරිකන් තරුණියක වන කයිලී ජෙනර් බවත්, කයිලී බිලියනපතියක් බවට පත් වී සිටින්නේ ඇය විසින් ආරම්භ කළ සුවඳ විලවුන් සහ ආලේපන සමාගම හරහා යැයි ද පැවැසෙයි.

කයිලී ජෙනර්, ඇමෙරිකාවේ අතිශය ජනප්‍රිය මෙන්ම ප්‍රචලිත කාඩෑෂියන් පවුලේ ළාබාලතම සාමාජිකාව ද වන්නීය. මේ බව අනාවරණය කළේ ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාවය. ඒ, ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කළ අවස්ථාවේදීය.

කයිලී ජෙනර් ‘කයිලී කොස්මෙටික්ස්’ යන නමින් ඇගේ සමාගම ආරම්භ කර වසර තුනකි. පසුගිය වසරේ පමණක් සුවද විලවුන් සහ ආලේපන අලෙවියෙන් ලැබූ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 360 කි.

ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS