ලොව වයස්ගතම ඔරන්උටන් මියයයි



ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයක ජීවත් වූ දැනට වාර්තා වී ඇති ලොව වයස්ගතම සුමාත්‍රා ඔරන්උටන් ජීවිතක්ෂයට පත් වී තිබේ. 62 හැවිරිදි වියේ දී මියගිය ඇයට දරු මුනුබුරන් 54 දෙනෙකු සිටී.

පර්ත් නුවර සත්වෝද්‍යානයේ "ගරුගාම්භීර වයසක කාන්තාව" ලෙස හඳුන්වන ලද පුවාන්, වයස්ගත වීමෙන් ඇතිවන සංකූලතා හේතුවෙන් මරණයට  පත් වී ඇත.

ඇය 1968 සිට මෙම සත්වෝද්‍යානයේ සාමාජිකයෙකුව සිටි අතර, 2016 දී ඇයගේ වර්ගයේ ජීවත්ව සිටින ලොව වයස්ගතම ඔරන්උටන් ලෙසට ගිනස් වාර්තාවලට නිල වශයෙන් ඇතුළත් කරන ලදි.

වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින සුමාත්‍රා ඔරන්උටන් වනයේදී වසර පනහක් ජීවත් වන්නේ ඉතා කලාතුරකින් බව සත්වෝද්‍යාන නිලධාරීහු පවසති.

1956 දී ඉන්දුනීසියාවේ සුමාත්‍රා ප්‍රදේශයේ වනාන්තරයක උපත ලබා ඇති බවට විශ්වාස කරන පුවාන්, දරුවන් 11 දෙනෙකු ඇතුළු ඔවුන්ගෙන් පැවත එන 54 දෙනෙකුගෙන් සෑදුණු "අපූරු පරම්පරාවක්" දායාද කර නික්ම ගොස් ඇත. මෙම දරු මුනුබුරන් එක්සත් ජනපදය සහ යුරෝපය ඇතුළු විවිධ ස්ථානවල ජීවත් වන බව සත්වෝද්‍යානය භාර නිලධාරීහු පැවසූහ.

පුවාන්ගේ පරම්පරාවෙන් පැවත එන සමහර ඔරන්උටන් නැවතත් සුමාත්‍රා වෙත මුදා හැර ඇති බව ඔවුහු සඳහන් කළහ.

ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයක ජීවත් වූ දැනට වාර්තා වී ඇති ලොව වයස්ගතම සුමාත්‍රා ඔරන්උටන් මිය ගොස් තිබේ. 62 හැවිරිදි වියේ දී මියගිය ඇයට දරු මුනුබුරන් 54 දෙනෙකු සිටී.

පර්ත් නුවර සත්වෝද්‍යානයේ "ගරුගාම්භීර වයසක කාන්තාව" ලෙස හඳුන්වන ලද පුවාන්, වයස්ගත වීමෙන් ඇතිවන සංකූලතා හේතුවෙන් සඳුදා (ජූනි 18) අනායාස මරණයට ලක් කර ඇත.

ඇය 1968 සිට මෙම සත්වෝද්‍යානයේ සාමාජිකයෙකුව සිටි අතර, 2016 දී ඇයගේ වර්ගයේ ජීවත්ව සිටින ලොව වයස්ගතම ඔරන්උටන් ලෙසට ගිනස් වාර්තාවලට නිල වශයෙන් ඇතුළත් කරන ලදි.

වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින සුමාත්‍රා ඔරන්උටන් වනයේදී වසර පනහක් ජීවත් වන්නේ ඉතා කලාතුරකින් බව සත්වෝද්‍යාන නිලධාරීහු පවසති.

1956 දී ඉන්දුනීසියාවේ සුමාත්‍රා ප්‍රදේශයේ වනාන්තරයක උපත ලබා ඇති බවට විශ්වාස කරන පුවාන්, දරුවන් 11 දෙනෙකු ඇතුළු ඔවුන්ගෙන් පැවත එන 54 දෙනෙකුගෙන් සෑදුණු "අපූරු පරම්පරාවක්" දායාද කර නික්ම ගොස් ඇත. මෙම දරු මුනුබුරන් එක්සත් ජනපදය සහ යුරෝපය ඇතුළු විවිධ ස්ථානවල ජීවත් වන බව සත්වෝද්‍යානය භාර නිලධාරීහු පැවසූහ.

පුවාන්ගේ පරම්පරාවෙන් පැවත එන සමහර ඔරං ඔටං නැවතත් සුමාත්‍රා වෙත මුදා හැර ඇති බව ඔවුහු සඳහන් කළහ.

( තිළිණි ද සිල්වා )
ද ඕස්ට්‍රේලියා ඇසුරෙනි


RECOMMEND POSTS