ලේඩි ගාගා - බ්‍රැඞ්ලි කූපර් ඕනෑවට වඩා ළං වෙලා



ඇමෙරිකා ගායිකා ලේඩි ගාගා සහ නළු බ්‍රැඞ්ලි කූපර් දෙදෙනා ඔස්කාර් සිනමා සම්මාන උළෙට එක් වී සිටි අතර, යුගල ගීයක් ගායනා කරමින් නරඹන්නන් කුල්මත් කිරීමට ඔවුහු දෙදෙනා සමත් වූහ.

ගීත ගායනයෙන් පසු ට්විටර් සමාජ ජාල ඔස්සේ ලේඩි ගාගා සහ බ්‍රැඞ්ලි කූපර් සම්බන්ධයෙන් ලොකු කසුකුසුවක් ද නිර්මාණය විය. ගීත ගායනයේ දී දෙදෙනා අනවශ්‍ය විදියට එකිනෙකාට සමීප වුණු බව බොහෝ දෙනාගේ අදහසය.

ලේඩි ගාගා ඇගේ පෙම්වතා ක්‍රිස්ටියන් කැරිනෝගෙන් වෙන් වී සිටී. බ්‍රැඞ්ලි කූපර්ගේ පෙම්වතිය වී සිටින්නේ අයිරිනා ෂයික්ය. දෙදෙනා එකට ජීවත් වන්නේ 2015 වසරේ සිටය. දෙදෙනාට දියණියක් සිටී.

බ්‍රැඞ්ලි කූපර් සහ ලේඩි ගාගා දෙදෙනා පසුගිය වසරේ තිරගත වූ ‘අ ස්ටාර් ඊස් බෝන්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළහ. ‘අ ස්ටාර් ඊස් බෝන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද බ්‍රැඞ්ලි කූපර් ය.

ලේඩි ගාගා ගේ නම හොඳම නිළියට හිමි සම්මානයටත්, බ්‍රැඞ්ලි කූපර් නම හොඳම නළුවාට හිමි සම්මානයටත් මෙවර නිර්දේශ වී තිබුණි.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS