ලිංගික හිරිහැරයක්



තමන්ට ද ලිංගික හිරිහැරයක් සිදුවුණු බව තවත් බොලිවුඞ් නිළියක වන 26 හැවිරිදි එල්සාන් නොරෝසී චෝදනා කරයි.
එල්සාන් නොරෝසී ඉන්දීය පුවත් සේවා ඔස්සේ චෝදනා නගා ඇත්තේ, මේ දිනවල තිරගත වන ‘නමස්තේ ඉංග්ලන්ඞ්’ අධ්‍යක්ෂ විපුල් ෂා අතින් තමන් ලිංගික හිංසනයට ලක්වුණු බවය.

ඒ, නමස්තේ ලන්ඩන් චිත්‍රපටයේ රංගන අවස්ථාවක් ලබා දෙන බව පවසමින්, ඇය එහි චරිතයකට තෝරා ගත් අවස්ථාවේදී යැයි ඇය වැඩි දුරටත් පවසා ඇත.

‘නෙට්ෆ්ලික්ස්’ හරහා විකාශය වුණු ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් ඇති කළ, සයිෆ් අලී ඛාන් පොලිස් නිලධාරියකුගේ භූමිකාව නිරූපණය කරන ‘සේක්‍රඞ් ගේම්ස්’ රූපවාහිනී කතාමාලාව ඉන්දියාවේ පමණක් නොව, සමස්ත ලෝකය පුරාම ජනප්‍රිය විය.

එම කතා මාලාවේ සෝයා ට පණ පොවන්නේ එල්සාන් නොරෝසී ය. ‘සේක්‍රඞ් ගේම්ස්’ රූපවාහිනී කතාමාලාව හේතුවෙන්, එල්සාන් නොරෝසී බොලිවුඩයේ පමණක් නොව, සෙසු රටවලත් ජනප්‍රිය චරිතයක් බවට පත් වී සිටින්නීය.

එල්සාන් නොරෝසී තවමත් බොලිවුඩයට ආගන්තුකය ‘මාන් ජෝ නා’ සහ ‘කීදෝ කුන්ඩි’ මෙම 2018 වසරේ දී ඇය රංගනයෙන් දායක වන බොලිවුඞ් චිත්‍රපටය.

ඉන්දීය පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS