ලංකාවේදී තිස්හතර පහු කළ සෙක්සි ජැකලීන්



පසුගියදා සිය ජීවිත ඉනිමමේ 34 වැනි කඩ ඉම පසු කළ ජැක්ලින්ගේ උපන්දිනේ සමරලා තියෙන්නේ ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළ තීරයේදී කියලා බොලිවුඩ් වලින් වාර්තා වෙනවා.

ඒත්‍ එක්කම ත්‍කුණාමල වෙරළ තිරයේ ගත්ත ජැකලින්ගේ සරාගි ඡායාරුප ටිකකුත් නිකුත් වෙලා...ඒවා ජැකලීන්ගේ රසිකයින් ගෙන් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්.

34 වියට පාතැබූ ජැක්ලීන්ගේ සිනමා දිවිය ගැන බොහෝ කරුණු ඔබ දන්නා වුවත් වසර දහයක ඇගේ සිනමා ගමන තුල සුවිශේෂී සිදුවීම් රැසකි. ඇයගේ ස්වර්ණමය යුගය ඇරැඹෙන්නේ 2014 පසුවය.

සල්මාන් කික් චිත්‍රපටියෙන් පසුව ඇය බොලිවුඩය තුල අතිශය ජනප්‍රියත්වයට පත් වූවාය. ඉන්පසු ඇය සෑම වසරකම ඉන්දියාවේ ජනප්‍රියම කාන්තාවන් දස දෙනා අතර සිටියාය.

කෙතරම් ජනප්‍රිය වූවත් තම මව්රට අමතක නොකල ඈ ලංකාවට පැමින සූපවේදී දර්ශන් මුනිදාස සමග එක්ව කෑම සූත්‍ර අවන්හල අරබමින් බොලිවුඩයේ එකම අවන්හල් හිමිකරිනිය බවට පත්විය. එතනින් නොනැනවතුනු ඇය ඉන්දියාවේද පාලිතාලි නමින්ද අවන්හලක් ඇරබීය. එය විවෘත කිරීමට සල්මාන් ඇතුළු බොලිවුඩ් තරු රැසක් පැමිනියහ.

එයින් නොනැනවතුනු ඈ ඉන්පසු බිදවැටී තිබු රක්ඛයාන් බෙවරේජ් සමාගම තුල ඉන්දීය රුපියල් කෝටි 3 කට අධික මුදලක් ආයෝජනය කරමින් සාර්ථක ආයෝජකයිකාවක් බවට පත්විය.

ඉන්පසු ඇය පිවිසෙන්නේ රූපලාවණ්‍ය  ක්ෂේත්‍රයටය. ලොව ප්‍රමුඛම රූපලාවණ්‍ය ශිල්පිනියක් වන Huda Khattan ගේ සමීපතම මිතුරියක වන ජැක්ලීන් ගිය වසරේදී ඇයගේ නමින් ජැකලීන් ලෑෂස් නමින් එම නිෂ්පාදන එලි දැක්වූ අතර අද වන විට ලොව පුරා අලෙවි වේ. එමෙන්ම ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය  නිශ්පාදන සමාගම්වල සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරයි.

තවද ඇගලුම් ක්ෂේත්‍රයෙහිද තම නමින් ව්‍යාපාරයක් අරබන ඈ ව්‍යාපාර රැසක සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරයි.
හිසේ සිට දෙපතුල දක්වා වැඩිම සන්නාම ප්‍රමාණයක් හොබවන ඈ අද වනවිට ව්‍යාපාර ලෝකයේ වානිජව අති සාර්ථක නිලියකී. සමහර දිනවලදී ඇය දිනකට instagram හි රසිකයින් 100000 සීමාව පසු කරන වාර එමටය. එමෙන්ම French ,Italian ,Hindi , Arabic වැනි භාශා රැසක් භාවිතයේ දක්ශයෙක් වන ජැකීලීන් ශෛලීන් Pole, Ballet, Belly, Kathak වැනි නර්තන ශෛලීන් ‍‍රැසක නිපුණත්වයකි දක්වන්නීය.

( තිළිණි ද සිල්වා )
ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි.

RECOMMEND POSTS