ලංකාවට අභිමානයක්: ෂෙමාරා



ඕස්ට්‍රේලියාවේ ඉහළම ගෙවීමක් ලබන ප්‍රධාන විධායකවරයා (Chief Executive Officer) වශයෙන් ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු කාන්තා ව්‍යවසායිකාවක් තේරී පත්ව ඇත.

එරට මැකියුරී (Macquarie) සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙමාරා වික්‍රමනායක මෙලෙස එරට ඉහළ ගෙවීමක් ලබන ප්‍රධාන විධයක ලෙස පත්ව ඇතැයි බිස්නස් ඉන්සයිඩර් වෙබ් අඩවිය වාර්තා කළේය.

මෙම සමීක්ෂණය ඕපන් ඩිරෙක්ටර් ( OpenDirector) නම් දත්ත සමාගම විසින් මෙහෙයවා ඇති අතර ඊට අනුව ඇමෙරිකා ඩොලර් මිලියන 18 ක ගෙවීමක් ඇය වාර්ෂිකව ලබන බව අනාවරණය වී ඇත.

ඕස්ට්‍රේලියාවේ ලැයිස්තුගත සමාගම් හි වාර්ෂික වාර්තාවල සඳහන් මුළු වැටුප මත පදනම්ව එරට ඉහළම ගෙවීමක් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනා පෙළගස්වනු ලබන අතර එම ලැයිස්තුගත කිරීමේදී ඇයට ප්‍රථම ස්ථානය හිමිව ඇත.

මෙම 50 දෙනාගේ ලැයිස්තුවට ෂෙමාරා වික්‍රමනායකට අමතරව තවත් කාන්තාවක් තිදෙනෙකු පැමිණ ඇත.  කොකා කෝලා ඇමටිල් සමාගමේ ප්‍රධාන විධායක ඇලිසන් වට්කින්ස් ( වාර්ෂික වැටුප් ඇමෙරිකන් ඩොලර් මිලියන 4.1) , මිර්වැක් සමූහයේ ප්‍රධාන විධායක සුසාන් ලොයිඩ් හර්විට්ස් ඇමෙරිකා ඩොලර් මිලියන 4.8 ), සහ ෆෝට්සිකියු මෙටල්ස් ප්‍රධාන විධායක එළිසබෙත් ගේන්ස් ( ඇමෙරිකන් ඩොලර් මිලියන 5  ) මේ තිදෙනා වෙති.

පසුගිය වසරේ ජූලි මාසයේ දී එහ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් ඇය මැකියුරී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස  වැඩ භාර ගනු ලැබූයේ එම සමාගමේ ඉතිහාසය තුළ එම තනතුරට පත් පළමු කාන්තාව බවටද  පත්වෙමිනි.

එමෙන්ම වෙළෙඳපොළ වටිනාකම අනුව ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 20 තුළ ප්‍රධාන විධායක තනතුරක් දරන එකම කාන්තාව වන්නේ ද ෂෙමාරා වික්‍රමනායක යි.

වරෙක ඇය වෘත්තීය සේවාව තුළ ලබා ඇති ජයග්‍රහණයන් සැලකිල්ලට ගනිමින් මේ වසරේදී ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරික සගරාවක් වන ෆෝචූන් සගරාව විසින් ලොව වඩාත් බලසම්පන්න කාන්තාවන්ගේ ලැයිස්තුවටද ඇයගේ නම ඇතුළත් කර තිබිණි.

1962 දී එංගලන්තයේ දී උපත ලද ෂෙමාරා වික්‍රමනායකගේ පියා ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකි.ඉන්පසුව ඇය ඇතුලු පවුලේ සියලු දෙනා එංගලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත.

 ෂෙමාරා වික්‍රමනායක ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් වානිජවේදය හා නීතිය පිළිබද උසස් අධ්‍යාපනය ලැබුවාය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS