රෝහලේ ආදරේ: ‘අඩි පහකින් දුරස් වෙලා’



‘ෆයිව් ෆීට් අපාර්ට්’ (අඩි පහකින් දුරස්වෙලා) හොලිවුඩයේ එළිදකින නවතම ආදර අන්දරයයි.

මෙය ඉතා සංවේදී, ඇසට කඳුළක් එක් කරන අපූරු ආදර අන්දරයකි. ඊට හේතුව, චිත්‍රපටයේ පෙම්වතුන් දෙදෙනා වන ස්ටෙලා සහ විල් රෝහලක මරණය පෙනි පෙනී සිටින රෝගී තරුණියක සහ තරුණයකු වීමය.

මොවුහු දෙදෙනා ජානමය රෝගී තත්ත්වයකින් පීඩා විඳිති. දෙදෙනා දැන හඳුනා ගනිමින් ආදර කිරීමට පටන් ගන්නේ රෝහලේ ප්‍රතිකාර ගනිද්දීය.

රෝගී තත්ත්වයන් හේතුවෙන් ස්ටෙලා සහ විල්ට රෝහලේ ළං විය නොහැකිය. දෙදෙනා ළං වුවහෝ එය දෙදෙනාට මාරකය. එහෙයින්, ස්ටෙලා සහ විල්ගේ ආදර කතාව ගෙතී යන්නේ අඩි පහක දුර සීමාවකිනි.

නවක නිළියක වන හේලි ලූ රිචඞ්සන් සහ කෝල් ස්ප්‍රොව්ස් පෙම් යුවළගේ චරිත නිරූපණය කරති. ‘ෆයිව් ෆීට් අපාර්ට්’ ජස්ටින් බැල්ඩෝනීගේ අධ්‍යක්ෂණයකි.

‘ෆයිව් ෆීට් අපාර්ට්’ චිත්‍රපටය ලබන 15 වැනිදා සිට ලොව පුරා තිරගත වෙයි.


RECOMMEND POSTS