රොනාල්ඩෝ ගැන ට්‍රම්ප් විහිළු කරලා



පෘතුගාල ජනාධිපති මාසේලෝ රෙබෙලෝ දෙ සොවුසා සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක්, ධවල මන්දිරයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාවේදී පෘතුගාල පා පන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ විහිළුවකට ජනපති දෙ සොවුසාට කේන්ති ගියේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

69 හැවිරිදි දෙ සොවුසා පෘතුගාල ජනපති ධුරය හොබවන්නේ 2016 වසරේ සිටය. ඔහු ට්‍රම්ප් හමුවීමට ඇමෙරිකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

දෙදෙනා අතර ද්වී පාර්ශිවික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පා පන්දු තරගාවලිය සම්බන්ධයෙන් ද දෙදෙනා අතර කතාබහක් ඇතිවිය.

‘පෘතුගාලට තවමත් අවස්ථාවක් තිබෙනවා. අමතක කරන්න එපා අපට ඉන්නවා අති දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු තමා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ.’ පෘතුගාල ජනපතිවරයා ට්‍රම්ප්ට පැවැසීය.

එවිට රොනාල්ඩෝගේ දස්කම් සම්බන්ධයෙන් ට්‍රම්ප් විමසීමක් කළේය. පෘතුගාල ජනාධිපතිවරයා රොනාල්ඩෝගේ දස්කම් වර්ණනා කිරීමට පටන් ගත් අවස්ථාවේදී, ට්‍රම්ප් මෙසේ පැවැසීය. ‘එහෙනම් රොනාල්ඩෝට පුළුවන් වේවි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙලා ඔබ පරදවන්න’
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට පෘතුගාල ජනපතිවරයාට මදක් කේන්ති ගියේය. ‘ජනාධිපතිතුමා. පෘතුගාලයේ කටයුතු සිද්ධ වන්නේ ඇමෙරිකාවේ විදියට නොවෙයි.’ යැයි ට්‍රම්ප් වෙත හැරෙමින් පෘතුගාල ජනාධිපතිවරයා කියා සිටියේය.

(රොයිටර්)


RECOMMEND POSTS