රොක්ට මංගල සීනු



‘රොක්’ යන නමින්, ඇමෙරිකන් රෙස්ලිං පිටිය හරහා හොලිවුඩයට පිවිසි අද වනවිට අංක එකේ ක්‍රියාදාම නළුවකු ලෙස ප්‍රසිද්ධියට පත් ඞ්වේන් ජොන්සන්, ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතිය ලෝරන් හෂියාන් සමඟ විවාහ විය.

මංගල උත්සවය ඉතා චාමෙට, හවායිහිදී පැවැත්විණි. මේ 47 හැවිරිදි ජොන්සන්ගේ දෙවැනි විවාහයයි.
ජොන්සන් සහ ලෝරන් හෂියාන් එකිනෙකා දැන හඳුනාගෙන ඇත්තේ 2006 වසරේ සිටය. එකට ජීවත් වූ දෙදෙනාය දියණියෝ දෙදෙනක් ද වෙති. 34 හැවිරිදි ලෝරන් හෂියාන් සංගීතඥයෙකි.

ජොන්සන්ගේ පළමු බිරිඳ ඩැනී ගාසියාය. දෙදෙනා විවාහ වූයේ 1997 දීය. දෙදෙනාට සිමෝන් නමින් පුතෙක් සිටී. ඔහුට අවුරුදු 18 කි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS