රුසියන් හෙදිය යට ඇඳුම පිටින්



යට ඇඳුමින් සැරැසී, පීපීඊ ඇරක්ෂිත ඇඳුම් කට්ටලයක් පැලැඳ රාජකාරියේ සුරූපී හෙදියක් ගැන රුසියාවෙන් වාර්තා වන බව ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.

23 හැවිරිදි නාඩියා නමැති මැය සේවය කරන්නේ ටූලා පළාතේ මහ රෝහලේ ‘කොවිඞ් 19’ ආසාදිත රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවේය. පිරිමි වාට්ටුවේය.

වයිරසයෙන් ආරක්ෂා වීමට හෙදියන් සහ වෛද්‍යවරුන් සිරුර ආවරණය කර ගන්නේ පීපීඊ ඇඳුම් කට්ටලවලින් සැරැසෙමිනි. මුහුණත් ආවරණය කර ගනිමින්, පීපීඊ ඇඳුම් දිගු වේලාවක් පැලඳ සිටීම ඉතා අපහසුය. ඒ දැඩි උණුසුමක් සිරුරට දැනෙන බැවිනි. එය වෛද්‍යවරුන්ට කායික පමණක් නොව මානසික ‘අසහනයක්’ යැයි පැවැසෙයි.

ඒ අනුව, කිසිදු විකල්පයක් නොවූ බැවින්, හෙද නිල ඇඳුම ඉවත් කර යට ඇඳුම පිටින්, පීපීඊ ඇඳුම ද පැලඳ රෝගීන්ට උපස්ථාන කිරීමට නාඩියා පෙලඹුණාය. යට ඇඳුමින් සිටින නාඩියාගේ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

නාඩියා අනුයුක්ත වාට්ටුවේ කිසිදු රෝගියකු ඇය යට ඇඳුමින් සිටීම සම්බන්ධයෙන් දොස් නගන්නේ නැති බවත්, කොරෝනා ආසාදිතයන් වී පැමිණෙන රෝගීන් බොහෝ දෙනකු ඇය සේවය කරන වාට්ටුවට ඇතුළත් වීමට ප්‍රිය කරන බවත් වාර්තා වේ.

කෙසේ නමුත් නාඩියා සම්බන්ධයෙන් රුසියාවු වෛද්‍ය සංගම් සහ හෙද සංගම් කීපයක් ටූලා රෝහලේ අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර ඇත. ඒ, නාඩියා සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසටය.

කෙසේ නමුත් නාඩියා මේ අයුරින් ක්‍රියා කිරීම ටූලා රෝහලේ සෙසු හෙදියන්ගේත් වෛද්‍යවරුන්ගේත් පැසැසුමට හේතුවක් වී ඇති අතර, බොහෝ දෙනා ඇය වීරවරියක් ලෙස සලකයි. එපමණක් නොව, ඇයට ප්‍රසංශා පළ කරන වෛද්‍ය සහ හෙද සම්ගම් කිහිපයක් ද සිටී.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ස්ථාපිත කළ කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධාන වෛද්‍යවරුන් පවා ඇගේ පැත්තට කතා කරන බව ද ඬේලිමේල් සඳහන් කරයි.

‘අප කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුයි. එසේ ප්‍රතිකාර කරද්දී පීපීඊ ඇඳුමින් සැරැසෙන්න වෙනවා. වයිරසයෙන් ආරක්ෂා වෙන්න. ඒ ඇඳුම හරිම රස්නෙයි. දිගු වේලාවක් ඇඳගෙන සිටින්න බැහැ. ඒ මදිවට රෝහල්වල අත් ආවරණ හිඟයි. මුහුණු ආවරණ හිඟයි. වෛද්‍යවරුන් හෙදියන් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ දිවි පරදුවට තබමින්. ඒ අතරේ ලැජ්ජාව පැත්තකට දමා නාඩියා නොබියව තීරණයක් ගත්තා. යට ඇඳුමින් පමණක් සැරැසී සිටියත් ඇය අසභ්‍ය අයුරින් රෝගීන් අතරට යන්නේ නැහැ. ඔවුන් ඉදිරියේ හැසිරෙන්නේ නැහැ. ඇය ඇගේ රැකියාවේ ගෞරවය ආරක්ෂා කර ගන්නවා. ඒත් දැන් ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඇයට ඇගේ රැකියාව අහිමි වෙන්න යනවා.’ යැයි නාඩියාට සහාය දක්වන වෛද්‍ය සංගම් සහ හෙද සංගම් පවසා ඇත.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS