රුසියන් සෙබළු දිරිමත් කරන ‘හෙදියෝ’



රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියන් හමුදා සෙබළුන් දිරි ගන්වමින්, ඔවුන්ට කේක් පිළිගන්වමින්, ඔවුන් සමඟ ඡායාරූපවලට පෙනී සිටි සුරූපී රුසියන් තරුණියන් පිරිසක් ගැන බටහිර මාධ්‍ය වාර්තා කරයි.

මෙම තරුණියන් අතරේ රුසියන් නිරූපිකාවන් පමණක් නොව, යුක්රේන යුද්ධයට ගිය රුසියන් සොල්දාදුවන්ගේ තරුණ බිරියන් සහ පෙම්වතියන් ද සිටින බව මාධ්‍ය වාර්තා පවසයි.

මෙම තරුණියෝ පිරිස පසුගිය ‘ඕතඩොක්ස් පාස්කු දිනය’ වෙනුවෙන් යුක්රේනයට ගොස් රුසියන් හමුදා සෙබළුන් හමුවී ඔවුන් දිරිගන්වමින් ඡායාරූපවලට පෙනී සිටියහ.

අතීතයේ හෙදියන්ගේ නිල ඇදුම්වලින් සැරැසුණු තරුණියන් රුසියන් සෙබළුන් සමග ඡායාරූපවලට පෙනී සිටියේ, නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් නගරය අයත් ලුහන්ස්ක් පළාතේදීය.

ලුහන්ස්ක් පළාතේ වැඩි කොටසක් මේ වනවිට රුසියන් හමුදා ග්‍රහණයේ පසුවන බව ද පැවැසෙයි. ලුහාන්ස්ක් පළාත අයත් වන්නේ ඩොන්බාස් නමැති පළාතට වන අතර, සමය පිහිටා ඇත්තේ රුසියාවට​ මායිම්වය.

හෙදියන් මෙන් සැරැසුණු තරුණියන්, සෙබළුන් හමුවට ගියේ ‘ඕතඩොක්ස් පාස්කු දිනය’ වෙනුවෙන් කේක්  සහ වයින් ද රැගෙනය. සෙබළුන් පැවැසුවේ එය ඔවුන්ට ‘අපූරු’ අත්දැකීමක් වූ බවය.

(ඩේලිමේල්)


RECOMMEND POSTS