රියදුරා බේරාගත් කතට ගරුබුහුමන්



එමිරේට්ස් රාජ්‍යයේ මාර්ගයක ගමන් ගත් ට්‍රක්රථයක් අනතුරකට ලක්වීම හේතුවෙන් ගිනිගෙන ඇති අතර ට්‍රක්රථය ගිනිගන්නා අවස්ථවේදි රියදුරා ට්‍රක්රථය තුල සිට ඇත.

ජවහර් සයිෆ් අල් කුමායිට් නම් එමිරේට්ස් කාන්තාව වහාම ක්‍රියාත්මක වී ගිනිගනිමින් තිබු ට්‍රක්රථය තුල සිටි ආසියානු රියදුරාව බේරාගැනීමට වහාම පියවර ගත් බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඇගේ නිරභීතකම, ස්ථානෝචිත ප්‍රඥාව, ක්ෂණික තීරණ තීරණ ගැනීමේ හැකියා සහ මානුෂිය ක්‍රියාව වෙනුවෙන් අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ එමිරේට්ස් නියෝජ්‍ය හමුදා අණදෙන නිලධාරී, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියාන්ඇයට ගරුබුහුමන් දැක්වීමට පියවර ගත්තේය.

ඇය පිළිබඳව අතිශයින් ආඩම්බරයකට පත්වන බව මහත් ප්‍රශංසාත්මකව සිය කථාවේදිඅබුඩාබි කුමරු ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS