රිතික් රොෂාන් සිපගන්න කැමතියි



‘බාහුබාලි’ චිත්‍රපටයේ කළ රංගනයෙන් ජනප්‍රිය වූ දකුණු ඉන්දීය  සිනමා නිළි තමානා භාතියා පසුගිය දා ‘ෆේමස්ලි ෆිල්ම්ෆෙයාර්’ දෙමළ වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ, බොලිවුඞ් නළු රිතික් රෝෂාන් සමඟ තිරයේ සිප ගැනීම් කරන්න තමන් අකමැත්තක් නොදක්වන බවය.

තමන් රඟපාන චිත්‍රපටවලදී සිප ගැනීමේ දර්ශනවල පෙනී නොසිටින බව පැවැසුවත්, රිතික් රෝෂාන් වෙනුවෙන් තමන් තමන් වෙනුවෙනන් පනවා ඇති තහනම ඉවත් කරන බව තමානා භාතියා ෆේමස්ලි ෆිල්ම්ෆෙයාර්’ වැඩසටහනේ දී අනාවරණය කළාය.

රිතික් රෝෂාන්ට තමන් ඇළුම් කරන බවත්, ඔහු තමා ප්‍රිය කරන බොලිවුඞ් නළුවකු බවත් භාතියා කියයි.

2017 වසරේ ඔක්තෝබරයේ අහම්බෙන් මෙන් තමන්ට රිතික් රෝෂාන් හමුවුණු බවත්, ආසාව වැඩිකමට, එම අවස්ථාවේදී ඔහු සමඟ කතා කරන්න යෑමේදී වචන පැටලුණු බවත් භාතියා කියයි.

එම අවස්ථාවේදී ඇය රිතික් රෝෂාන් සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියාය. තමා සමඟ ඡායාරූපයක් ගැනීමට කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් භාතියා පසුව ට්විටර් සමාජ ජාලය ඔස්සේ රිකිත්ට සුබ පතා ඇත.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS