රන්බීර් - ආලියා අලුත් පෙමක



බොලිවුඩ් සිනමාවේ සිහන කුමාරයෙක් වන රන්බීර් කපූර් ගේ හිත ගත් යුවතිය ගැන මේ දිනවල හැමෝම කතාවෙනවා.

සෝනම්, දීපිකා , කත්‍රිනා යන හින්දි සිනමා සුරෑපිනියන් ලග වරින් වර හිත නවත්ව ගත්ත රන්බීර් මේ සැරේම නතර වෙලා තියෙන්නේ බොලිවුඩයේම ඉන්න තවත් සුරෑපිනියක වූ ආලියා බාත් ළගයි.

රන්බීර් ගෙයි ආලියා ගේ ප්‍රේම කතාව තහවුරු වුනේ වෙන කාගෙවත් ඕපාදුපයකින් නෙමෙයි.රන්බීර් ඉන්දිය ෆිල්ම්ෆෙයාර් සගරාවට කියූ දෙකිනුයි.රන්බීර් එයයි ආලියයි අතර ඇතිවී තිබෙන මේ ආදර සම්බන්ධය ඉතාම අලුත් එකක් බවත් , ඒ ආදරය පවත්වාගෙන යන්න කාලය අවශ්‍ය බවට.

එහිදී වැඩිදුරටත් රන්බීර් කියා සිටියේ මාත් ආලියා ත් අතර සම්බන්ධය තාම අලුත් එකක්.ඒ නිසාම මීට වඩා දෙයක් කතා කරන්න බැහැ,ඒ වගේම නලුවෙක් විදියටත් ,පුද්ගලයෙක් විදියටත්  අපට හුස්ම ගන්නත් කාලයත් අවශ්‍යයයි.ආලියා ගෙන් විය යුතු දේවල් මොනවද ? යන මේ හැමෙදෙයක් ගැනම හිතන්න වෙනවා.මම ඇය කර දේවල් ,ඇයගේ රංගනය හැමදෙයක්ම විමසිල්ලෙන් යැයිද රන්බීර් කියා සිටියේය.

රන්බීර් කපූර් සහ ආලියා බාත් එක්ව රගන බ්‍රහ්මිෂ්ටා නැමති නව චිත්‍රපටයේ රෑගත නිසා මොවුන් දෙදෙනා අතර සමීප හිතවත්කම් ඇතීවි ඇත.චිත්‍රපටයේ රෑගත කිරීම් නොමැති දිනවලදීත් රන්බීර් ,ආලියා සමග වැඩියෙන් ගැව⁣සෙන බවත් , ඇයත් සමග සාප්පු සංකීර්ණ වල සවාරියේ නිරත වන බවද සදහන් වේ.

වසර කිහිපයක් තිස්සේ බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා සමග පැවති පෙම් සබදතාව කැඩී යාම හේතුවද රන්බීර් - ආලියා ගේ මෙම සමීප හිතවත් කමට මග පෑදි ඇත.මේ අතර රන්බීර් ගේ හිටපු පෙම්වතිය වූ කත්‍රීනා කායිෆ් සහ ආලියා බොලිවුඩ් හි හොද යෙහෙළියන් වන අතර රන්බීර් -ආලියා ගේ මෙම එකතු වීම ගැන ඇය තවමත් අදහස් දැක්වීමක් සිදු කර නැත.

( තිළිණි ද සිල්වා )

ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි.


RECOMMEND POSTS