රතු පලසේ ආලේ



බ්‍රිතාන්‍ය රංගන ශිල්පී රිස් අහමද් 93 වැනි ඔස්කර් සිනමා සම්මාන උළෙලට පැමිණියේ තනිවම නොවෙයි. බිරිඳ ෆාතිමා ෆර්හීන් මිස්රා ද සමඟය.

කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් මෙවර සම්මාන උළෙල පැවැත්වූයේ චාමෙටය. කෙසේ නමුත් රතු පසල මතින් යද්දී, සම්මාන උළෙලට ආරාධනා ලැබ පැමිණ සිටි කැමරා ශිල්පීන් ට රිස් අහමද් සහ ෆාතිමා ඡායාරූපයට නැගීමට අවශ්‍ය විය.

ඊට කැමැත්ත පළ කළ රිස්, මොහොමක් දෙන්නැයි කියමින්, ෆාතිමාගේ කොණ්ඩය සැකසීමක් කළේය. 'මැය ලස්සනට තබා ගැනීමේ නිල අවසරය ඇත්තේ මටයි' යැයි රිස් අහමද් රැස්ව සිටි මාධ්‍යවේදීන් පිරිසට පැවැසුවේ ඔවුන් සිනහ ගස්සමිනි.

රතු පලස මත බිරිඳට ආලේ පෙන්වීමට, රිස් අහමද් කටයුතු කිරීම, සමාජ මාධ්‍ය ඔස්සේ කසුකුසුවක් ඇති කිරීමට ද සමත් විය. 38 හැවිරිදි රිස් අහමද් දක්ෂ රංගන ශිල්පියෙකි. 'ඔවුන් ආදරෙන් ඉන්නවා'; 'තරුණ යුවලක් ඉන්න ඕනෑ එහෙමයි'; 'ආදරේ කරන්න තැනක් ඕනෑ නැහැ' ආදී වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අදහස් දක්වන්න විය.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නාම යෝජනා අතර, රිස්ගේ නම ද විය. ඒ, 'සවුන්ඩ් ඔෆ් මෙටල්' චිත්‍රපටය වෙනුවෙන් කළ රංගනය වෙනුවෙනි.

රිස් අහමද්ගේ බිරිඳ 30 හැවිරිදි ෆාතිමා ඇමෙරිකානුවකු වන අතර ඇයට ඉන්දීය සම්භවයක් ද ඇත. ෆාතිමා ෆර්හීන් මිස්රා ජනප්‍රිය ලේඛිකාවකි.

(ඩේලිමේල්)


RECOMMEND POSTS