රතු පලස මත විරෝධතා



සිනමා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, නළුවන් ඇතුළු සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් සිදුවන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් විරෝධය පාමින්, ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලට සහභාගී වුණු නිළියෝ කිහිපදෙනෙක් රතු පලස මත විරෝධතාවක නියැලුණහ.

කේට් බ්ලැන්චෙට්, ක්‍රිස්ටීන් ස්ටුවර්ට් පමණක් නොව සම්මානීය නිළි ජේන් ෆෝනඩා ඇතුළු ජනප්‍රිය හොලිවුඞ් නිළියෝ මෙම විරෝධතාවට එක් වූහ.

කෑන්ස් සිනමා උලෙළට යුරෝපා සහ හොලිවුඞ් සිනමා නිර්මාණ පමණක් නොව, ලොව නන්දෙසින් කැපී පෙනෙන සිනමා නිර්මාණ ඇතුළත් වෙයි. එම සිනමා නිර්මාණ ඇගැයීම සිදුවෙන අතර සම්මාන ප්‍රදානය කෙරේ.

කාන්තා අධ්‍යක්ෂවරියන්ගේ සිනමා නිර්මාණ සෑම වසරකම බිහිවන  නමුත්, ඒවා කෑන්ස් සිනමා උලෙළට ඇතුළත් නොවන බවටත්, සිනමා උළෙලේ පුරුෂාධිපත්‍ය රජයන බවටත් විරෝධතාවට එක්වුණු නිළියෝ චෝදනා නගන්න වූහ. කෑන්ස් සිනමා සම්මාන උළෙලකදී මෙසේ විරෝධතාවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS