රජිනිකාන්ත් දේශපාලනයට



ජනප්‍රිය දකුණු ඉන්දිය නළු රජිනිකාන්ත් ඉදිරියේදී ඉන්දීය දේශපාලනයට පැමිණීම ස්ථිර බව ඉන්දීය මාධ්‍ය  තහවුරු කරනු ලැබ තිබේ.

රජිනිකාන්ත් දේශපාලනයට පැමිණීමට නියමිත බව පසුගිය කාලය තුල එරට මාධ්‍ය තොරතුරු වාර්තා කරනු ලැබුවා.ඒ බව සනාථ කරමින් ඉන්දීය මාධ්‍ය  සඳහන් කළේ භාරතීය ජනතා පක්ෂයේ සහාය ඇතිව පිහිටුවනු ලබන නව දේශපාලන පක්ෂයකින් ඔහු දේශපාලනයට පැමිණෙනු ඇති බවයි.

අදාල පක්ෂයේ  පිළිබඳව බැංගලෝරයේ ඒජන්සියක් විසින් සැලසුම් සකස් කරමින් තිබෙන අතර තමිල්නාඩුව කේන්ද්‍ර කරගනිමින් රජිනිකාන්ත් සිය දේශපාලනය කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දකුණු ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය, ඩී.එම්.කේ. හා ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. යන පක්ෂවල ප්‍රභල දේශපාලන චරිත කිහිපයක් සමඟ එක්ව ඔහු සිය දේශපාලන ගමන ආරම්භ කිරීමට නියමුත බව සදහන්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රභලයින් කීහිපදෙනෙකුම නව පක්ෂය පිළිබඳව රජිනිකාන්ත්ට උපදෙස් ලබාදෙමින් සිටින අතර 2019 වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක් සභා මැතිවරණයට රජිනිකාන්ත් ඉදිරිපත් වීමට නියමිත බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

66 හැවිරිදි වියේ පසුවන මෙම ජනප්‍රිය නළුවා මීට පෙර පවසා තිබුනේ දෙවියන් කැමතිනම් තමන් හෙට හෝ දේශපාලනය පිවිසෙන බවත්, තමන් දේශපාලයට පැමිණීමේදී දූෂිත පුද්ගලයන් සමඟ ගනුදෙනු නොකරන බවය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS