රජ මඟුලට ගිය පි‍්‍රයංකා



ලොක්යේම අවධානයක් යොමු කර ගත් බ්‍රිතාන්‍ය යේ හැරී කුමරු සහ මේගන් මාකෙල් ගේ විවාහ මංගල්‍යය සදහා එකම බොලිවුඩ් තරුවකට පමණක් ආරාධනා ලැබිම කාගේත් අවධානය යොමු වී තිබේ.

මෙලෙස රාජකීය විවාහ උත්සවය කට සහභාගී වූ එකම බොලිවුඩ් තරුව වූයේපප්‍රියංකා චොප්රාය.හොලිවුඩ් තරු පරදවමින් මෙම රාජකීය මගුලට සහභාගීවීමට ඇය වරම් ලැබුයේ මේගන් මාකෙල් නිසාය.ප්‍රියංකාත් ඇයත් හොලිවුඩ් සිනමා කර්මාන්තයේදී යෙහෙළියන් වීම නිසා මෙම අතිවිශේෂ අවස්ථාවක් හිමි කර ගත් බැව් සදහන්ය.

⁣විවාහය බ්‍රේක්ෂයර් හි වින්ඩර්සර් මන්දිරයේ ශාන්ත චැපල් දේවස්ථානයේ දී පැවති අතර මේ සඳහා 800 කට ආසන්න ආරාධිතයින් සහභාගී විනි.

චාල්ස් කුමරු විසින් නව මනාල යුවග සහ ආරාධිත අමුත්තන් 200 තට දුන්  භෝජන සංග්‍රහයටද ප්‍රියංකා එක්ව සිටියේ ලොව ප්‍රකට විලාසිතා සන්නාමයක් වන Dior වර්ග යේ අලංකෘත ගවුමකින් සැරසෙමිනි.දෙව් මැදුරේ පැවති විවාහ මංගල්‍යයට ප්‍රියංකා පැමිණියේ ලා දම් සහ රෝස පැහැයෙන් යුතු යුරෝපීය කාන්තා ඇදුම් විලාසිතාවකිනි.

( තිළිණි ද සිල්වා)
බොලිවුඩ් බසාර් වෙබ් අඩවිය ඇසුරෙනි.


RECOMMEND POSTS