රකුල් ප්‍රීත් සිං ට සුබ උපන් දිනයක්



තෙලිගු, දෙමළ සහ හින්දි සිනමාවේ ආකර්ශණීය නිළියක වන රකුල් ප්‍රීත් සිං අද 30 වැනි උපන් දිනය සමරයි.

රකුල් ට සුබ උපන් දිනයකත් ප්‍රාර්ථනා කරමින්, කාජල්, රානා ඩගුබාතී ඇතුළු ඉන්දීය සිනමා නළු නිළියෝ රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පතා තිබේ.

රකුල් උපත ලබා ඇත්තේ 1990 ඔක්තෝබර් 10 වැනිදාය. ඒ ඉන්දියාවේ නවදිල්ලියේදීය. තෙලිගු, දෙමළ සහ හින්දි සිනමා සම්මාන උළෙල රැසදී රකුල් සම්මාන දිනා ගෙන ඇත. ඒ, නැගී එන නිළිය, යොවුන් නිළිය සහ ජනප්‍රිය නිළිය ආදී වශයෙනි.

දකුණු ඉන්දීය ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙලේ සම්මාන රැසකට ඇගේ නම යෝජනා වී ඇත.

දේ දේ පෙයාර් දේ, යාරියාන්, ජායා ජානකී නායක, මර්ජවාන්, දේව්, සරේනෝඩූ යනු රකුල්ගේ අපූරු රංගනයෙන් හැඩවුණු සිනමා නිර්මාණ කීපයකි.

රකුල් පළමුවෙන්ම ජයගත්තේ තෙලිගු සිනමාවය. ඒ වසර කීපයක් නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙමිනි. ඉන්පසු ඇය දමිල සහ කණ්නඩ සිනමා නිර්මාණ කීපයකට සම්බන්ධ වූවාය.

රකුල් බොලිවුඩය ජයගත්තේ 2014 දී‍ තිරගත වූ යාරියාන් චිත්‍රපටයෙනි. රකුල් ප්‍රීත් සිං, ෆෙමිනා මිස් ඉන්දියා කිරුළ දරා ඇත.

ඉන්දියා ඩුඩේ ඇසුරිනි


RECOMMEND POSTS