යෙටීගේ වික්‍රමය: ‘ඇබොමිනබල්’



‘ඇබොමිනබල්’ සජීවීකරණ චිත්‍රපටය අද (27) සිට ලොව පුරා තිරගත වෙයි. ලොකු කුඩා සැමට එකසේ රසවිඳිය හැකි වීර වික්‍රමයක් ලෙස මෙම චිත්‍රපටය හැඳින්විය හැකිය.

‘හවුටු ට්‍රේන් යෝ ඩ්‍රැගන්’ චිත්‍රපට මාලාවේ නිර්මාණකරුවන් විසින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනකි. ජිල් කල්ටන් සහ ටොඩ් වයිල්ඩර්මන් ඔවුන් දෙදෙනාය.

චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ හිමාලයේ හිම මිනිසා හෙවත් යෙටී සත්වකු වටාය. ‘එවරස්ට්’ යන නමින් නම් තැබෙන මෙම යෙටී හමුවන්නේ කුඩා දැරියකටය. ඇය යී ය.

නපුරන්ගෙන් බේරා ගනිමින් ‘එවරස්ට්’ හිමාල අඩවියේ ඔහුගේ පවුල් අය වෙත ගෙන යෑමේ වික්‍රමය ‘ඇබොමිනබල්’ චිත්‍රපටයේ කතාව වෙයි.

කෝල් බෙනට්, ඇල්බට් සායි, ටෙන්සිං නෝර්ගී, එඩී ඉසාඩ් ආදී චීන ටිබෙට් සහ​ හොංකොං නළු නිළි​යෝ රැසක් හඬ නළු නිළියන් ලෙස චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති.

ඉන්ටර්නෙට් මූවි ඩේටාබේස් ඇසුරිනි
ලුසිත ජයමාන්න


RECOMMEND POSTS