යුජීන්ගේ සෙල්ලම



යුජීනී බුෂාද් කවුරුන්දැයි හොඳින්ම දන්නේ ටෙනිස් ක්‍රීඩා ලෝලීන් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

කෙසේ නමුත්, සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අපූරු මෙන්ම සරාගී ඡායාරූප කීපයක් හේතුවෙන්, 26 හැවිරිදි සුරූපිනියක වන බුෂාද් මේ වනවිට ටෙනිස් ක්‍රීඩාව ගැන කිසිවක් නොදන්න අයගේ පවා අවධානයට ලක් වී අවසන්ය.

බටහිර රටවල් මේ දිනවල හොලොවීන් සමරන අතර, හොලොවීන් නිමිත්තෙන් රූපවාහිනියෙන්, වීඩියෝ ක්‍රීඩාවලින් සහ සිනමාවෙන් දකින තමන් ප්‍රිය කරන නපුරු සහ අද්භූත චරිත මෙන් සැරසී සිටීමට ලොකු කුඩා කවුරුත් ප්‍රිය කරති.

ප්‍රසිද්ධ කළ එම ඡායාරූප එකතුවේ, යුජීනී බුෂාද්, සැරසී සිටියේ මෝටල් කොම්බැට් වීඩියෝ ක්‍රීඩාවේත්, සිනමා සහ රූපවාහිනී කතාංගවලත් දකින්න ලැබෙන මිලීනා නමැති සටන්කාරිය ලෙසය.

‘කවුරුද එන්නේ මා එක්ක සෙල්ලම් කරන්න’ යැයි ඡායාරූප පළ කරමින් 25 හැවිරිදි සුරූපිනි, සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා විමසා තිබේ.

මිලියන දෙකකට වැඩි ඇගේ රසික රසිකාවියන් පිරිසක් ඊට ප්‍රතිචාර දක්වා ඇති බව ද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

යුජීනී බුෂාද් උපන්නේ 1994 පෙබරවාරි 25 වැනිදා කැනඩාවේය. ඇය කැනඩා ටෙනිස් තරුවකි.

යුජීනී ටෙනිස් තරුවක් ලෙස ටෙනිස් පිටියේ ජයග්‍රහණ වාර්තා කිරීම ඇරැඹුවේ 2009 වසරේ සිටය. යුජීනී පදිංචි වී සිටින්නේ ඇමෙරිකාවේය. ඒ ඇගේ පෙම්වතා සමඟය.

නිව්යෝක් පෝස්ට් ඇසුරිනි


RECOMMEND POSTS