මේගාන් මාකෙල් හැරී කුමරු ගැන කියයි



ඇමෙරිකන් රූපවාහිනී මාලා නාට්‍ය නිළි මෙගාන් මාර්කෙල් පළමු වරට හැරී කුමරු ගැන අදහස් දැක්වීමක් කළාය.

මෙගාන් මාර්කෙල් සහ හැරී කුමරු පෙම්වතුන් බව ඕපාදූප සගරා පසුගිය වසරේ සිට පුවත් පළ කර තිබුණ ද ඒ ගැන හැරී කුමරු හෝ මෙගාන්  හෝ කිසිවක් පවසා නොතිබුණි.

මෙගාන්, හැරී කුමරු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා සිටියේ ‘වැනිටි ෆෙටාර්’ සඟරාවටය. ‘අපි දෙන්නා ආදරෙන් මත්වෙලයි ඉන්නේ’ යැයි 36 හැවිරිදි නිළි මෙගාන් මාකෙල් කියා සිටියාය.

මාකෙල් සහ හැරී කුමරුගේ ආදර කතාව ගැන ලොවට අනාවරණය වූයේ 2016 වසර අවසානයේය. ඒ වනවිට ඔවුන් පෙම්වතුන් බවට පත් වී මාස 6 ක් ගත වී තිබුණු බව ද පැවැසිණි.

(ඬේලිමේල්)


RECOMMEND POSTS