මෙලානියාට වකුගඩු සැත්කමක්



ඇමෙරිකා ජනාධිපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් වකුගඩු සත්කමකට භාජන කෙරුණු බව ධවල මන්දිරය වාර්තා කරයි.

මෙලානියාගේ වකුගඩුවල අවහිරතාවක් හටගත් බවත්, එහෙයින් සැත්කම කිරීමට සිදුවුණු බවත් සැත්කම සාර්ථක වුණු බවත් වෛද්‍යවරුන් පවසා ඇත.

මෙලානියාට සැත්කම සිදුකර ඇත්තේ වෝල්ටර් රීඞ් හමුදා රෝහලේය. සැත්කමින් පසු, මෙලානියා මේරිලන්ඞ් ජනපදයේ, බෙතෙස්ඩා රෝහලට මාරු කෙරුණි. වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇයට දින කිහිපයක් විවේක ගැනීමට සිදුවනු ඇතැයි කියාය.

සැත්කමින් පසු 48 හැවිරිදි මෙලානියා මාරු කෙරුණු බවත්, තමන් ඇගේ සුවදුක් විමසීමට ගිය බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ට්විටර් පණිවුඩයක් හරහා පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS