මෙලානියාට කලින් අත දීලා



‘ජී20’ සමුළුවට සහභාගී වීමට පෙර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා පෝලන්තයේ සංචාරයක නියැලුණහ.

පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රජේස් ඩූඩා සහ බිරිඳ අගතාගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

පිරිස සමරු ඡායාරූපය පෙළකට ද පෙනී සිටියහ. එහිදී, පළමුවෙන් පෝලන්ත ජනපතිවරයා, ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට අතට අත දුන්නේය. ඉන්පසු ට්‍රම්ප්, පෝලන්ත ජනපති ආර්යාවට අතට අත දීමට අත දිගු කළේය.

පෝලන්ත ජනපති ආර්යාව ට්‍රම්ප් මඟ හැර, පළමුවෙන් අතට අත දුන්නේ ට්‍රම්ප් බිරිය මෙලානියාටය.  ට්‍රම්ප් දිගු කර ගත් අත හකුළුවා ගත්තේය. මෙලානියාට අතට අත දීමෙන් පසු, පෝලන්ත ජනපති ආර්යාව අගතා ට්‍රම්ප්ට අතට අත දුන්නාය.

(ඬේලිමේල්)

 


RECOMMEND POSTS