මෙලානියා ඝානා රටේ



අපි‍්‍රකා සංචාරයක් අරඹමින් ඇමෙරිකා ජනාධිපති ආර්යා මෙලානියා ට‍්‍රම්ප් ඝානාවට පැමිණියාය.

මෙලානියා මෙම අපි‍්‍රකා සංචාරයට එක් වී සිටින්නේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නොමැතිවය. ඇමෙරිකා ජනාධිපති ආර්යාව ලෙස මෙලානියා නිල විදෙස් සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය යැයි ධවල මන්දිරය පවසා ඇත.

මෙලානියා අපි‍්‍රකා රටවල් 3 ක සංචාරය කරන්නීය. එයින් පළමු රට ඝානාය. ඉන්පසු ඇය මලාවි සහ කෙන්යාවේ සංචාරය කිරීමටත් අවසානයේ දී අරාබි රාජ්‍යයක් වන ඊජිප්තුවේ සංචාරය කිරීමටත් නියමිත බව පැවැසෙයි.

ඇමෙරිකා ජනාධිපති ආර්යාව මෙම අපි‍්‍රකා සංචාරය ආරම්භ කළේ, එම රටවල ළමා සුබසාධන කටයුතු වෙනුවෙන් ආධාර ලබා දීම සඳහාය.

ආර්යා මෙලානියා ට‍්‍රම්ප්, ඇගේ සහායිකාව ඇතුළු සෙසු නිලධාරීන් පමණක් නොව ජනපති ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙන වොෂින්ටනයේ සිට විශේෂ ගුවන් යානයකින් ඝානා රාජ්‍යයේ අක්රා අගනුවර බලා පැමිණියාය.

ඝානා රාජ්‍යයට පය තැබූ අවස්ථාවේදී ඇය පිළිගැනීම කරනු ලැබුවේ ඝානා ජනාධිපති ආර්යා රෙබෙකා අකුෆෝ අඩෝ විසිනි. වෙහෙසකර ගුවන් ගමනක් වුවත්, මෙලිනියා, අක්රා නුවරට පැමිණි විගස, අක්රා මහ රෝහලේ ළමා වාට්ටුවේ සංචාරය කරමින් අඩුපාඩු සොයා බැලීමක් කළාය.

ඝානා රාජ්‍යයේ රැුඳී සිටින ඇමෙරිකා තානාපති නිලධාරීන්, ඝානා රජයේ නිලධාරීන් මෙලානියා සමඟ රෝහලේ සංචාරයට එක් වී සිටි බව පැවැසෙයි.

එම පිරිස අමතා මෙලානියා කිසිදු කතාවක් පැවැත්වූයේ නැත. කෙසේ නමුත් ඇය හමුවී ඇය සමඟ කතාබහ කළ සැමදෙනාම පවසා ඇත්තේ, නිහඬ වුවත් මෙලානියා කරුණාබර අවංක තැනැත්තියක කියාය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS