මිස් ෂර්ලොක් මියගිහින්



සම්මානනීය ජපන් නිළියක යන යූකෝ ටකෙනූචි මියගොස් ඇතැයි පොලිසිය කියයි.

40 හැවිරිදි නිළිය දිවි නසා ගත් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව ටෝකියෝ පොලිසිය කියයි. කෙසේ නමුත් ඒ බව තවමත් තහවුරු වී නැතැයි ද පැවැසෙයි. මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙයි.

පොලිස් නිලධාරීන්ට යූකෝ ටකෙනූචිගේ සිරුර හමුවූයේ ඇගේ ටෝකියෝ නිවසිනි. ඇගේ මරණය පොලිසියට දන්වා ඇත්තේ සැමියා ටයිකී නකබේෂීය. නකබේෂී ද ජනප්‍රිය ජපන් නළුවෙකි.

බටහිර රසික රසිකාවියන් යූකෝ ටකෙනූචි හඳුනන්නේ එච්.බී.ඕ. නාළිකාවෙන් 2018 දී විකාශය වූ ‘මිස් ෂර්ලොක්’ කතා මාලාවෙනි. මෙම කතාමාලාව කාන්තා ෂර්ලොක් හෝම්ස් කෙනෙකු ගැනය.
2004 සිට 2007 තෙක් කාලයේ ජපන් ඇකඩමි ඇවෝඞ්ස් සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ යූකෝ ටකෙනූචි ය.

1998 ජපානයේ තිරගත වූ ‘රිංගු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ද මැයයි. හොලිවුඩයේ ‘රිංග්’ චිත්‍රපට මාලාවට පාදක වූයේ ‘රිංගු’ චිත්‍රපටයයි.

(බීබීසී)


RECOMMEND POSTS