මිනිස් වෙස් ගන්නා නාග කන්‍යාව



මිනිස් වෙස් ගන්නා නාග කන්‍යාවියගේ කතාව හෙවත් ‘නාගීන්’ පාදක කර ගනිමින්, පරිගණක ප්‍රයෝග රැසකින් ද සමන්විත බොලිවුඩ් සිනමා ත්‍රිත්වයක් නිර්මාණය වීමට නියමිත අතර, එහි ප්‍රධාන චරිතය එසේත් නැතිනම් නාග කන්‍යාවියගේ චරිතය හිමි වී ඇත්තේ සරාගී නිළි ශ්‍රද්ධා කපූර්ටය.

නාගීන් සහ නාගීනා යන නම්වලින් මිනිස් වෙස් ගන්නා නාග කන්‍යාවියන්ගේ කතා සිනමාවට නැගී ඇත්තේ 1954 දීය. 1954 දී වෛජන්තිමාලා ද‍, 1976 සහ 1990 දී රේඛා ද 1976 රීනා රෝයි ද 1986 සහ 1989 දී ශ්‍රී දේවි ද නාග කන්‍යාවියගේ චරිතයට පණ පෙවූහ. ඊට අමතරව නාගීන් යනුවෙන් ඉන්දීය රූපවාහිනී කතා මාලා රැසක් ද ඇත.

ශ්‍රද්ධා කපූර්, නාගීන් චිත්‍රපට ත්‍රිත්වයට එක් වන බව නිවේදනය වෙද්දී, ඇගේ රසික රසිකාවියන් අමන්දානන්දයට පත් වුණු බව ශ්‍රද්ධාගේ ට්විටර් ගිණුමේ පළවී ඇති කමෙන්ට් හරහා දකින්න ලැබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේ නමුත්, ශ්‍රද්ධා නාල කන්‍යාවගේ චරිතයට නොපගැලපෙන බව කී ඇතැමුන් ද සිටී.

ටයිම්ස් ඔෆ් ඉන්දියා


RECOMMEND POSTS