මායා අසිපත අතට ගත් මායාකාරිය



ආතර් රජු සහ වටමේසයේ නයිට්වරුන්, මායාකාර මර්ලින්, මායා අසිපත එස්කැලබර් පාදක කොටගත් වීර කතා බොහොමයකි. ඒවා සිනමා නිර්මාණ ලෙසත් රූපවාහිනී ටෙලි කතා ලෙසත් එළිදැක්වෙයි.

ආතර් රජු, මර්ලින් සහ එස්කැලබර් මායා අසිපත පාදක කොට ගනිමින් නිර්මාණය වූ නවතම වීර වික්‍රමය යන්නේ ‘කර්ස්ඩ්’ කතා මාලාවය.

කොටස් 10 කින් සමන්විත ‘කර්ස්ඩ්’ කතා මාලාව ඊයේ (17) වැනිදා සිට නෙට්ෆ්ලික්ස් හරහා විකාශය කෙරුණි.

එස්කැලබර් අසිපත ආතර් රජුට පත් වීමට පෙර, එහි අයිතිය පැවැරුණේ මායාකාරියකටය.
ආතර් රජු සම්බන්ධ පුරාවෘත්තයේ ද මෙම මායාකාරිය ගැන සදහන් වෙයි. ඒ, විලේ ආර්යාව (ලේඩි ඔෆ් ද ලේක්) ලෙසිණි.

‘මායා අසිපත රජකු නොව රැජිනක තෝරා ගත්තොත් මොකද වෙන්නේ ?’ යන්න ‘කර්ස්ඩ්’ කතා මාලාවේ තේමාවය.

‘කර්ස්ඩ්’ කතා මාලාවේ නිම්වේ නමැති මායාකාරිය ලෙස චරිත නිරූපණයේ යෙදෙන්නේ ඕස්ට්‍රේලියානු නවක නිළි කැතරීන් ලැන්ග්ෆර්ඩ් ය.

කැතරීන් රසික හදවත් දිනා ගත්තේ ‘13 රීසන්ස් වයි’ කතාමාලාව හරහාය.

‘කර්ස්ඩ්’ කතා මාලාවේ දකින්න ලැබෙන්නේ තරුණ ආතර් කෙනෙකි. ආතර් ලෙස චරිත නිරූපණයේ යෙදෙන්නේ ඩෙවොන් ටරෙල් ය.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ චරිතය පාදක කර ගනිමින් නිර්මාණය කෙරෙන කතා මාලාවේ තරුණ ඔබාමාගේ චරිතය නිරූපණ්‍ය කරන්නේ ද ඩොවොන්ය.


 මර්ලින් ලෙස චරිත නිරූපණය කරන්නේ ගුස්ටාෆ් සාර්ස්ගාඩ් ය.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS