මහාචාර්ය නීලිකා මලවිගේ ට සම්මානයක්



ශ්‍රී ලංකාවේ හොඳම වෘත්තීය කාන්තාවන් 50 දෙන සහ කාන්තා වෘත්තිකයන්ගේ සම්මාන උලළේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍ය සහ අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ‘වසරේ දිරිය කාන්තාව’ ලෙස ඉකුත් දා (26) සම්මාන ලැබුවා ය.

ශ්‍රී ලංකාවේ හොඳම වෘත්තීය කාන්තාවන් 50 දෙන සහ කාන්තා වෘත්තිකයන්ගේ සම්මාන උලෙළ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ඉකුත් දා (26) පැවැත්විණි.

‘කොවිඩ්-19’ වසංගතය පරාජය කිරීමේ සටනේදී වෙහෙස මහන්සිය නොබල කරන ලද කැපවීම අගය කරමින් ඇයට මෙම සම්මානය පිරිනමන බව ද සම්මාන උලළේ දී ප්‍රකාශයට පත් කෙරුණි.

ශ්‍රී ලංකාවේ හොඳම වෘත්තීය කාන්තාවන් 50 දෙනා සහ කාන්තා වෘත්තිකයන්ගේ සම්මාන උලෙළ ‘විමෙන් ඉන් මැනේජ්මන්ට්’ සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නකි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දී මෙන්ම පෞද්ගලිකව ඉහළ ජයග්‍රහණ අත්පත් කරගන්නා සහ සුවිශේෂීතා පෙන්නුම් කරන කාන්තාවන් අගය කරමින් මෙම සම්මාන උලෙළ පැවැත් වේ.

‘විමෙන් ඉන් මැනේජ්මන්ට්’ සමාගම ආරම්භ කර පසුගිය වසරට අවුරුදු 10ක් සැපිරිණි.


RECOMMEND POSTS