මලාලා යූසොෆ්සායි දැරිය ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ



 

පාකිස්තාන තලේබාන් ත්‍රස්තවාදියකු කළ වෙඩි තැබීමකින් දිවි ගලවා ගෙන, මානව ක්‍රියාකාරිනියක මෙන්ම බාලිකා අධ්‍යාපනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක ලෙස ද කටයුතු කරන මලාලා යූසොෆ්සායි දැන් ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය.


19  හැවිරිදි මලාලා නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින්නීය. ඒ, පාකිස්තානයේ බාලිකා අධ්‍යානය වෙනුවෙන් ඇය දිවි පරදුවට තබා කළ මෙහෙවර හේතුවෙනි.


බි්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කර ඇත්තේ මලාලා දේශපාලනය, දර්ශන විද්‍යාව සහ ආර්ථිකය හදාරන බවය.

(එන්.ඩී.ටීවී. ඇසුරිනි)


RECOMMEND POSTS