මරණ තර්ජනවලට බය නෑ: අාලීයා කියයි



මරණ තර්ජනවලට බය නැතැයි බොලිවුඩ් සුරූපිනී අාලීයා භාත් කියා සිටී.

අාලීයා මේ බව කියා සිටියේ ඇය මරණ බවට ඇගේ පියා මහේෂ් භාත්ට ලැබුණු තර්ජනාත්මක දුරකතන ඇමැතුම් සහ කෙටි පණිවුඩ හේතුවෙනි.

අාලීයාගේ පියා සිනමාකරු මහේෂ් භාත්ට පළමුවරට දුරකතන ඇමැතුම් ලැබී ඇත්තේ පසුගිය පෙබරවාරි 26 වැනිදා රාත්‍රියේය.

දුරකතන ඇමැතුම දුන් තැනැත්තා මහේෂ් භාත්ට තර්ජනය කර ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක් නොදුන්නොත් අාලීයා මරා දමන බවටය.

මුලදී එය විහිළුවක් යැයි මහේෂ් භාත් සිතා ඇත. එහෙත්, දිගින් දිගටම දුරකතන ඇමැතුම් සහ කෙටි පණිවුඩ ලැබී ඇත. අාලීයා ඒ ගැන පොලිසියට පැමිණිලි කර තිබුණු අතර පොලිසිය ඇමතුම දුන් තරුණයා සොයා අත්අඩංගුවට ගෙන තිබේ.

තර්ජනය කළ පුද්ගලයා 27 හැවිරිදි සන්දීප් සානු නමැත්තා බව පසුව අනාවරණය විය. 

ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි


RECOMMEND POSTS