මයිකල් කොලින්ස් සමුගනී



1969 වසරේ ඇපලෝ 11 ඇමෙරිකාවේ නාසා ආයතනයේ සඳ ගමනට එක්වුණු ගගනගාමී මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත විය. ඔහු 90 හැවිරිදි වියෙහි පසුවිය.

මයිකල් කොලින්ස් පිළිකා රෝගියකු ලෙස ප්‍රතිකාර ලැබූ තැනැත්තෙකි. ඔහු සිය නිවසේ දී අවසන් සුසුම් හෙලූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

නීල් ආම්ස්ට්‍රෝං පළමු මිනිසා ලෙස සඳ මත පය තැබුවේ ඇපලෝ 11 මෙහෙයුමේදීය. නීල් ආම්ස්ට්‍රෝං සමඟ තවත් දෙදෙනකු එම චන්ද්‍ර මෛහයුමට එක්වුණු අතර මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රීන් ඔවුන් දෙදෙනාය.

මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රීන් ඊගල් චන්ද්‍ර යානයේ නැගී සඳට ගොස් ආපසු එනතුරු සඳුගේ කක්ෂයට වී මවු යානයේ රැදී සිටියේ මයිකල් කොලින්ස්ය.

නීල් ආම්ස්ට්‍රෝං දිවියෙන් සමුගත්තේ 2012 වසරේදීය. ඒ අනුව මේ වනවිට සිටින්නේ ගගනගාමී ඕල්ඩ්‍රීන් පමණි. ඕල්ඩ්‍රීන්ගේ වයස අවුරුදු 91 කි.

(බීබීසී)


RECOMMEND POSTS