මම දේශපාලනයට එනවා



ජනතාවට සේවය කිරීමේ උදාර අරමුණින් නව දේශපාලන පක්ෂයකින් තමන් දේශපාලනයට පිවිසෙන බවත්, පළාත්සභා හෝ නගරසභා හෝ නොව, තමන් කෙළින්ම 2021 වසරේ තමිල්නාඩු ප්‍රාන්තසභා මැතිවරණයට ඉදිරිපත් වෙනවා යැයි දමිල සුපිරි නළු රජිනිකාන්ත් කියයි.

‘මම දේශපාලනයට නවකයෙකු නොවේ. මම දේශපාලනය කරන්නේ 1996 වසරේ ඉදලා. ඒත් දේශපාලන වේදිකාවේ මම සිටිය යුත්තේ කොතැනදැයි දැන් මම තීරණයක් ගන්නවා. ජනතාව වෙනුවෙන් සේවයක් මම කළ යුතුයි. තවත් කල්මරන්න බැහැ. එයයි මගේ යුතුකම. මගේ වගකීම. යහපාලනයක් ඇති කිරීමට මම පොරොන්දු දෙනවා’ යැයි 67 හැවිරිදි රජිනි කාන්ත් චෙන්නායි නුවර ජන රැලියක් අමතමින් කියා සිටියේය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS