මන්මෝහන් සිංගේ ජීවිත කතාව සළරුවකට



ඉන්දිය හිටපු අගමැති මන්මෝහන් සිංගේ ජීවිත කතාව ඇතුළත් තවත් පරමාදර්ශී දේශපාලන ෙබාලිවුඩ් සිනමා පුරාවෘත්තයක් වන '' ද ඇක්සිඩෙන්ටල් ප්‍රයිම් මිනිස්ටර් " තිරගත වීම ආරම්භ වී ඇත.

මන්මෝහන් සිං යනු ඉන්දීය අගමැති ධූරයට පත්වූ ප්‍රථම සීක් ජාතිකයාය.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආර්ථික විද්‍යා උපාධිලාභියකුවූ ඔහු ආර්ථික වශයෙන් ආගාධයකට ඇද වැටී තිබූ භාරත දේශය සංවර්ධනය කිරීමට විශාල කාර්ය භාරයක් ඉටු කළ නායකයෙකි.

සිනමා පටයේ මනමොහන් සිංගේ ච‍රිතය රඟන්නේ විශිෂ්ට රංගධරයකු වූ අනූපම් ෙක්ර් විසිනි.

සුසේන් බර්නෙට්, ආහානා ඛන්නා සහ අර්ජුන් මාතූර් පිළිවෙළින් සෝනියා ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි, රාහුල් ගාන්ධිගේ චරිත නිරූපණය කරති.

සිනමා පටය විජේ රත්නකර්ගේ අධ්‍යක්ෂණයකි

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස්.


RECOMMEND POSTS