මධුරියි - සංජේ යළි පෙම්වතුන්



ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පීන් යුවළක් වන මධුරි ඩික්සිත් සහ සංජේ දත් යළි රිදී තිරයේ පෙම්වතුන්වීමට සූදානම් වෙන බව බොලිවුඩ් ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

ඒ, අභිෂේක් වර්මන්ගේ කාලන්ක් සිනමා පටයෙනි.මධුරි ඩික්සිත් සහ සංජේ දත්ට අමතරව සොනක්ෂි සිංහා, ආලියා බාත්, වරුන් ධවාන්, ආදිත්‍ය රෝයි කපූර් යන රංගන ශිල්පීන් ඊට රංගන දායකත්වය ලබාදෙනු ඇති.

කාලන්ක් සිනමා පටය ලබන අප්‍රේල් මස 19 වැනි දා සිට ලොවපුරා සිනමා ශාලාවල තිරගත වනු ඇත.

අවසන් වරට ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස රග පෑවේ සාජන් සහ කල්නායක් යන චිත්‍රපට වලිනි.1992 ඔවුන් දෙදෙනා එකට රග පෑ සාජන් චිත්‍රපටය නිසා මධුරි සහ සංජේ සැබෑ ලෙසින්ම පෙම්වතුන් ලෙස කටයුතු කළ අතර 1993 වසරේ මුම්බායි බෝම්බ සිද්ධියට අදාළව ත්‍රස්ත චෝදනා යටතේ සංජේ දත් අත්අඩංගුවට ගැනීමත් මම පෙම් සබදතාවයට තිත තැබිණි.

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS