මංගල රථය තෝරයි



බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන මේගන් මාර්කල් සිය විවාහ උත්සවය සඳහා යොදාගන්නා රාජකීය රථය තෝරාගෙන තිබේ.

හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන මේගන් මාර්කල්ගේ විවාහය එළඹෙන මැයි මස 19 වැනි සෙනසුරාදා වින්ඩ්සර් කාසල් භූමියේ පිහිටි ශාන්ත ජෝර්ජ් චැපල්හී සිදු කරනු කිරීමට නියමිතය.

විවාහ මංගල්‍යයට අදාළ දේව මෙහෙයෙන් පසුව හැරී කුමරු හා මේගන් මාර්කල් අතීත රාජකීය සම්ප්‍රදායට අනුව බකිංහැම් මාලිගය දක්වා මෙම රථයෙන් ගමන් කරන බව සඳහන් වෙයි.

රාජකීය විවාහ උත්සවය සඳහා තවත් මේ ආකාරයේ රථ 100කට අධික ප්‍රමාණයක් යොදා ගැනෙයි.

සම්ප්‍රදායක් ලෙස රාජකීයන් වෙනුවෙන් මෙම රථ ධාවනය සඳහා යොදාගන්නේ අශ්වයින් බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

( තිළිණි  ද සිල්වා )

ගාඩියන් ඇසුරෙනි.


RECOMMEND POSTS