මංගල කේක් ගෙඩිය තෝරයි



බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකානු ජාතික ටෙලි නිළි මේගන් මාකෙල්ගේ රාජකීය විවාහ මංගල උත්සවය ලබන මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිත අතර, මංගල උත්සවයේ මංගල කේක් ගෙඩිය තේරීම හැරී සහ මේගන්ගේ කැමැත්ත මත ඊයේ (20) සිදුවිය.

රාජකීය කේක් ගෙඩිය ලෙස යුවල තෝරාගෙන ඇත්තේ දෙහි සහ එල්ඩර්බෙරි යොදා ගනිමින් නිර්මාණය කෙරෙන කේකේ ගෙඩියක්බව පැවැසෙයි. නැවුම් මල්වලින් සහ බටර්ක්‍රීම්වලින් කේක් ගෙඩිය හැඩ ගැන්වී රසවත් වනු ඇති බව කෙන්සින්ටන් මාලිගය නිවේදනය කර තිබේ.

කේක් ගෙඩිය නිර්මාණය කරන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සුප්‍රසිද්ධ සම්මානනීය සූපවේදිනියක මෙන්ම දක්ෂ කේක් නිර්මාණකාරියක වන ක්ලෙයාර් ප්ටැක්ය. ඇමෙරිකන් ජාතික කාන්තාවක වන මැය ලන්ඩනයේ ‘වයලට්’ නමින් ඇති සුප්‍රසිද්ධ බේකරියේ හිමිකාරියයි.

ක්ලෙයාර් ප්ටැක් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ, හැරී සහ මේගන් යුවල තමාගේ කේක් ගෙඩියකට කැමැත්ත පළ කිරීම තමාට ලොකු ගෞරවයක් මෙන්ම කීර්තියක් ද කියාය.

(රොයිටර්)


RECOMMEND POSTS