බොලිවුඩ් සුරූපිනී ආලියාටත් කොරෝනා



බොලිවුඩ් සුරූපිනී ආලියා බාත් කොරෝනා ආසාදියකු බව තහවුරු විය.

‘මා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබෙනවා. ඒ නිසා මා වෛද්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු වෙනවා’ යැයි 28 හැවිරිදි ආලියා ඉස්ටග්‍රෑම් හරහා ඒ බව දැනුම් දී තිබේ.

ආලියා පසුගිය දිනවල මුම්බායි නුවර ජන්ජේ ලීලා බන්සාලිගේ ‘ගංජුබායි කතියාවාදී’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වූවාය.

අධ්‍යක්ෂ ජන්ජේ ලීලා බන්සාලි ද පසුගිය මාර්තුවේ කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය. ‘ගංජුබායි කතියාවාදී’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වූයේ ඔහු සුවය ලැබීමෙන් පසුවය.

ආලියාගේ පෙම්වතා මෙන්ම, ජනප්‍රිය බොලිවුඩ් නළුවකු ද වන රන්බීර් කපූර් ද ‘කොවිඩ් 19’ ආසාදිතයකු විය. ඒ, පසුගිය මාර්තු මාසයේය. එම අවස්ථාවේදී ආලියා පීසීආර් පරීක්ෂණයකට යොමු වුණු අතර එහිදී ඇය ආසාදිතයකු නොවන බව තහවුරු විය.

කෙසේ නමුත් එම අවස්ථාවේදී ද ආලියා සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබුණේ වැඩි පරිස්සමට, තමන් ස්වයං නිරෝධායනයේ රැදී සිටින බවය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS