බොලිවුඩයේ අලුත්ම ජෝඩුව




කාලෙන් කාලෙට අලුත්ම කතා ගේන බොලිවුඩයේ අලුත්ම ජෝඩුව ලෙස රන්බීර් කපූර් සහ ආලියා බාත් හදුන්වා දීමට එරට මාධ්‍ය වාර්තා පියවර ගෙන ඇත.

ඔවුන් දෙදෙනා එක්ව රගන බ්‍රහ්මිෂ්ටා නැමති නව චිත්‍රපටයේ රෑගත නිසා මොවුන් දෙදෙනා අතර සමීප හිතවත්කම් ඇතීවි ඇති බව බොලිවුඩ් ආරංචි වලින් පැවසේ.

චිත්‍රපටයේ රෑගත කිරීම් නොමැති දිනවලදීත් රන්බීර් ,ආලියා සමග වැඩියෙන් ගැව⁣සෙන බවත් , ඇයත් සමග සාප්පු සංකීර්ණ වල සවාරියේ නිරත වන බවද සදහන් වේ.

වසර කිහිපයක් තිස්සේ බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා සමග පැවති පෙම් සබදතාව කැඩී යාම හේතුවද රන්බීර් - ආලියා ගේ මෙම සමීප හිතවත් කමට මග පෑදි ඇත.

මේ අතර රන්බීර් ගේ හිටපු පෙම්වතිය වූ කත්‍රීනා කායිෆ් සහ ආලියා බොලිවුඩ් හි හොද යෙහෙළියන් වන අතර රන්බීර් -ආලියා ගේ මෙම එකතු වීම ගැන ඇය තවමත් අදහස් දැක්වීමක් සිදු කර නැත.

( තිළිණි ද සිල්වා )
ටයිම්ස් නව් වෙබ් අඩවිය ඇසුරෙනි.

RECOMMEND POSTS