බොලිවුඩය රත් කළ ‘ලස්ට් ස්ටෝරිස්’



සුප්‍රසිද්ධ නෙට්ෆිල්ක්ස් නාළිකාවේ නිෂ්පාදනයක් සහ නිර්මාණයක් ලෙස එළිදැක්වුණු ‘ලස්ට් ස්ටෝරිස්’ බොලිවුඞ් සිනමා නිර්මාණය, මේ වනවිට බොලිවුඩයේ පමණක් නොව, මුළු ලෝකයේම අවදානයට ලක් වී අවසන්ය.

‘ලස්ට් ස්ටෝස්’ සිනමාහල්වල ප්‍රදර්ශනය නොවෙයි. නෙට්ෆ්ලික්ස් පාරිභෝගිකයන් පමණක් නොව, ලොව කවුරුත් පාහේ, අන්තර් ජාලය ඔස්සේ මෙම චිත්‍රපටය නරඹා අවසන්ය.

‘ලස්ට් ස්ටෝස්’ ආන්දෝලනාත්කම සිනමා නිර්මාණයක් වන්නේ, ලිංගිකත්වය එළිපිට කතාබහ කිරීම නිසාය. අසම්මත ආදරය, ලිංගික ආශාවන් ආදී සෑම සමාජයකටම පොදු මාතෘකා රැසක් මෙම චිත්‍රපටය හරහා කතාබහ කෙරේ.

‘ලස්ට් ස්ටෝස්’ චිත්‍රපටය විවිධ චරිත රැසකගේ කතාන්දර කිහිපයක් එක් කරමින් නිර්මාණය වූවකි. ඒ සෑම කතාවකට එක අධ්‍යක්ෂකවරයෙක් සිටී.

ඒ අනුව චිත්‍රපටය බොලිවුඩයේ ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරුන් කණ්ඩායමකගේ එකමුතුවකින් නිර්මාණය වී තිබේ.
අනුරාග් කේෂාප්, දිබාකර් බෙනර්ජී, කරන් ජොහාර් සහ සෝයා අක්තාර් එම අධ්‍යක්ෂකවරුන් කණ්ඩායමය.


ඇතුමුන්ගේ දෝෂ දර්ශනයට හේතුවක් වුනත්, ඉන්දිය සිනමා විචාරකයන්ගේ පැසැසුමට මෙම චිත්‍රපටය හේතුවක් වී ඇත.

කියාරා අද්වානී, විකී කෞෂාල්, නේපා දෘපියා, රධීකා අප්තේ සහ භූමි පෙඞ්නෙකර් චිත්‍රපටයට සම්බන්ධ වි සිටින නිළි කැළය.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS