බේ වොච් පූර්ව ප්‍රචාරණයේදී ප්‍රියංකා සින්දු කියලා



ප්‍රියාංකා චොප්රා බොලිවුඩයේ සුපිරි නිළියක් වුනත් දැන් ඇය හොලිවුඩයටත් නැතිවම බැරි නිළියක් වෙලා. ඇමෙරිකාවේ ඒ.බී.සී නාලිකාවේ ක්වන්ටිකෝ රූපවාහිනී කතාමාලාව හරහා තවත් සුප්‍රසිද්ධ වුණු ප්‍රියාංකා ගේ හොලිවුඩයේ අලුත්ම ආගමනය වන්නේ ‘‘ බේ වොච් ‘‘ චිත්‍රපටය හරහායි.

බේ වොච් චිත්‍රපටයේ සැලකිය යුතු රංගනයක නිරත වන ප්‍රියංකා මේදිනවල හොලිවුඩයේ ඉඳන් කරන්නෙත් මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ කටයුතු සඳහා සභභාගී වීමය.ඊයේ පෙරේදාත් ලාස් වේගාස් නුවරදී  ප්‍රියංකා බේ වොච් චිත්‍රපටයේ සෙසු රංගන ශීල්පීන් වන ඩ්වේන් ජොන්සන්, සැක් එෆ්රන , ඇලෙක්සැන්ඩ්‍රා ඩඩාරියෝ ,කෙලී රොහර්බාච් සහ ජෝන බේස්  සමඟින්  බොහොම උද්යෝගයෙන් පුර්ව ප්‍රචාරණ කටයුතු වල නිරත වුණා කියලයි ආරංචි වෙන්නේ.

ප්‍රියංකා මේ ගැන ඇයගේ රසිකයින් වෙනුවෙන්  තම ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාල ගිණුම් වල පළ කිරීමට අමතක කළෙත් නැහැ.ඇය වේදිකාවලදී පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් ගේ ගීත ගායනා කරමින් රසිකයින් පිනවූ බවත්, ඊට අත්වැල් ගායනයෙන් බේ වොච් චිත්‍රපටයේ  සහායක රංගන ශිල්පීන් වන කෙලී සහ ඇලෙක්සැන්ඩ්‍රා සහාය වූ බවද එම සමාජ ජාලා ගිණුම් වල සඳහන් වුනා.

තිළිණි ද සිල්වා
ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි


RECOMMEND POSTS